Thursday, September 12, 2013


Hack කියන එකේ සරල අදහස වන්නේ තමාගේ ඕනෑම ගිණුමක් (Face Book / Tweeter / My Space....... Accounts) අනවසරයෙන් කෙනෙක් අන් සතු කර ගැනීමයි.ෆේස් බුක් සමාගමේ Server එක කා හටවත් හැක් කරන්න බැහැ. එය අපහසු වැඩකි. තමාගේ ගිණුමක් Hack වෙන්නේ තමාගේම තියෙන මොඩ කම නිසාවෙනි. මෙහෙම හිතමුකෝ. ඔයාගේ Face Book Account එක මට Hack කරන්න ඕනේ වුණා. මම කරන්නේ Face Book Home Page එකේ interface එක වගේ මම fake මුහුණතක් හදලා ඒය මම කොහේ හරි server එකකට host කරනවා.එහෙම host කරලා මම ඔයාගේ Email Address එකට හරි ඔයාගේ Face Book Account එකට හරි මෙන්න මේ වගේ Massage එකක් යවනවා.

"හායි මචං කොහොමද...? උඹ දන්නවා ද මේ සීන් එක. මේ දවස් වල Face Book සමාගමෙන් අලුතෙන් Survey එකක් දාලා තියෙනවා. මම දාලා තියෙන link එකෙන් ගියහම game එකක් ගහන්න තියෙනවා. ඒ game එක ගහලා දිනුවහම US 500$ ක් හම්බ වෙනවා. ඒ ගොල්ලන් ඒ US 500$ කෙලින්ම අපේ Paypal Account එකටයි දාන්නේ.ඒ ගේම් එක ගහන්න එච්චර අමාරුවක් නැහැ බං. මමත් ඒ game එක ගහලා US 500$ ක් උපය ගත්තා. බොරුනම් මේ Payment එක බලන්න.( කියලා මම බොරු payment එකක් පෙන්වනවා. එහෙම පෙන්නුවහම ඔයාගේ ආසාව තව වැඩි වෙනවානේ. )එහෙනම් මෙන්න මෙතනින් ගිහිල්ලා ගහලා බලහංකෝ. (කියලා මම අර Face Book Home Page එක වගේ හදා ගත්ත Fake එකේ link එක ඔයාට එවනවා.)
ඔයත් ඉතින් මොඩයා වගේ මම දීපු Link එකෙන් ගිහිල්ලා ඔයාගේ Mail Address එකයි Password එකයි ගහලා Log Button එක එබුවහම මොනවාවත් වෙන්නේ නැහැ.එතකොට ඔයා දැන ගන්න ඕනේ ඔයාගේ Face Book ගිණුම Hack වෙලා ඉවරයි කියලා. ඔයා අර උඩ ගහපු mail address එකයි password එකයි මම දීපු අර fake Face Book Home Page එකේ ගැහුවම ඔයාගේ Password එක මගේ Server එකේ වැදිලා ඉවරයි.ඊට පස්සේ ඉතින් ඔයාගේ Mail Address එකයි Password එකයි ගහලා මට ඔයාගේ Face Book Profile එකට රිංගන්න පුළුවන්.අන්න ඒකටයි කියන්නේ Account එකක් Hack වෙනවා කියලා. තව Hack වෙන ක්‍රම ගොඩාක් තියෙනවා.

1. ඔය එක එකා දෙන Browser Add-ons භාවිතයෙන් වැලකෙන්න. ඒ වගේ Add-ons දැනට තියෙනවා නම් අනිවාර්‍යයෙන් ඒව Remove කරලා දාන්න. ඔයාට 100% ෂුවර් දන්න Add-ons පමණක් භාවිතයට ගන්න. මොකද ඒවා වලිනුත් Hack වෙන්න ඉඩ තියෙනවා.

2. ඔයාගේ යාළුවන් හෝ වේවා යෙහෙලියන් හෝ වේවා ඒ අයගේ Pen Drives ගහගෙන ඔයාගේ Face Book Account එකේ සැරි සරන එක නවත්වන්න. මොකද සමහර එවුන් ඔය Pen Drive එකේ සමහර Files හංගලා තියනවා ඔයාගේ Face Book Account එකට යද්දී ඔයා ගහන Password අනන් මනං ඒ Pen එකේ අර හංගලා තියෙන File අස්සේ වැදෙන ආකාරයට. මමත් ඕක දැක්කේ සිංහල බ්ලොග් එකක. ඒ බ්ලොග් එකේ නම නම් මට මතක නැහැ. මොකද මමත් මේක හත් හදා බලලා තියෙනවා අවුරුදු ගානකට කලින්. දැන් නම් ඒ ක්‍රමය මට මතක නැහැ.

මේ විදියට තමයි ඔයාගේ Face Book Account එක Hack වෙනවා නම් වෙන මූලික සිද්ධාන්ත ටික.මමත් මේ ටික කිව්වේ මම මෙච්චර දවස් අන්තර්ජාලයේ සැරි සරමින් ඉගෙන ගත්ත මූලික දේවල් ටිකෙන්.

මම මීට කලින් දාලා ඇති Hack කරන්න බැරි Password එකක් දාගන්න හැටි  ඒ ලිපිය කියවන්න පහළින් යන්න 


මෙච්චර වටිනා ලිපියක් දාලත් Like එකක් නොදා යන්නනේ මොන හිතින්ද අනේ?  

3 comments:

  1. apo uba mata sure na hakaa
    he he jok ekak ela ela thanx :-D

    ReplyDelete
  2. apo uba mata sure na hakaa
    he he jok ekak ela ela thanx :-D

    ReplyDelete
  3. thanks yaalu. oya nisa godak de dena gaththa.

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ