Tuesday, August 4, 2015


නිකන් දෙනවානම් ඉතින් තව මොන කතාද, අද ළිපියෙන් ඔයාලට අරගෙන එන්නෙ VPS පරිගණකයක් නොමිළේ ලබාගන්න විදිය.
මුලින්ම බලමු VPS එකක් කියන්නෙ මොකක්ද කියලා, VPS නොහොත් Virtual Private Server එකක් කියන්නෙ අන්තර්ජාලයට සම්බන්ධ කරපු පරිගණයක්, මේක භාවිතා කරන්න නම් අපිට වෙනත් පරිගණකයක් හරහා එයට ඇතුල් වෙන්න සිද්ධ වෙනවා. හරියට Teamveawer මෘදුකාංගය වගේ. එහෙම ඇතුල් උනාට පස්සෙ අපිට පුලුවන් වෙනවා ඒ දුරස්ථ පරිගණකය අපිට ඕනෙ වැඩක් සඳහා භාවිතා කරන්න. අන්තර්ජාලයේ විවිධ මිළ ගණන් යටතේ වැඩි කාර්යක්ශමතාවක් සහිතව මේවා තිබෙන නමුත් ඉතා පහසුවෙන් හා නොමිළේම VPS එකක් ගන්න විදිය දැන් කියන්නම්. මුලින්ම යන්න මෙතනට.
Free VPS (Link එකට ගිහින් Skip Ad ඔබන්න)

ඊට පස්සෙ ලැබෙ Form එකට අදාල විස්තර දීලා Register ඔබන්න.
දැන් ඔයා දුන්නු e-Mail එකට ගිහින් බලන්න මෙහෙම e-Mail එකක් ලැබිලා තියෙයි.
ඒකෙ තමා ඔයාගෙ VPS එක භාවිතා කරන්න අවශ්‍ය කරන Username හා Password එක තියෙන්නෙ.
දීලා තියෙන Link එකට ගිහින් ඔය Username හා Password හරහා Log වෙන්න.
ඊට පස්සෙ ලැබෙන පිටුවෙ Desktop කියන එක Download කරගන්න.
දැන් ඒ File එක open කරන්න.
ඉන්පසුව ලැබෙන Window එකේ Connect ඔබන්න.
දැන් තියෙන්නෙ ඔයාගෙ VPS එක අත්හදාබලන්න තමා.

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ