Thursday, July 30, 2015


මෙන්න යාලුවනේ ඔයාලගෙ විනෝදාස්වාදය දෙගුණ තෙගුණ කරවන වැඩක්. මේ ලිපිය බැලුවට පස්සෙ නම් අනිවා හදන්න හිතෙයි භාන්ඩේ. ගෙදර තියෙන දේවල් වලින් හදන්න පුලුවන් නිසා එහෙ මෙහෙ රස්තියාදු වෙන්න ඕනෙ නැහැ, වසර කිහිපයකට පෙර මවිසින් සාර්ථකව අත්හදාබලපු නිර්මාණයක් නිසා සාර්ථකත්වය ගැන අවුල්වෙන්න දෙයක් නැහැ.
අවශ්‍ය ද්‍රව්‍ය


  • Cardboard පෙට්ටියක්
  • පැන්සලක්
  • Paper Clip එකක්
  • Paper Cutter එකක් හෝ ඊට සමාන දෙයක්
  • ගම් ටේප්
  • Phone එකක් (Display තියෙන එකක් හොඳේ) :D

මුලින්ම පෙට්ටියෙ ඉදිරිපසින් අත් කාචය තියලා ඒකෙ රවුමෙ ප්‍රමාණය පැන්සලෙන් සළකුණු කරගන්න.
Paper Cutter එකෙන් ඒ රවුම කපන්න.
එය තුළට අත් කාචය රඳවලා ගම් ටේප් යොදා අලවාගන්න.
අවශ්‍යනම් පෙට්ටියෙ පිටුපසින් සිදුරක් සාදා Charger එකේ වයරයත් සවිකරගන්න.
Phone එක රඳවාගන්න මේ විදියට Paper Clip එක නවාගන්න.
Phone එකේ Display එක Landscape වෙන්න හරවාගන්න. (Video player භාවිතා කරනවානම් මේ පියවර එමඟින්ම වෙනවානෙ)
Brightness එක උපරිම දාලා Phone එක රඳවන්න හදපු PaperClip එක භාවිතා කර මෙලෙසින් කාචයට Screen එක පෙනෙන සේ තබන්න.


ගානට Focus වෙනකන් Phone එක ඉදිරියට හා පසුපසට ගන්න.
Projector එකේ වැඩ අහවරයි, දැන් තියෙන්නෙ Film එකක් හරි දාලා බලන්න.
ගොඩක් Views ලැබුණොත් උසස් තත්වයේ Projector එකක් ඉතා අඩු මුදලකින් තනාගන්න විදිය ගැන ලිපියක්. ;) පින්තූර අන්තර්ජාලය ඇසුරිණි. එහෙනම් ඉතින් Share කරගෙනම යන්න යාලුවන්ටත් මේ වැඩේ දැනගන්න.

2 comments:

  1. මාත් හදන්න බැලුවා මචෝ. නමුත් අනිවා හදන්න බෑ. කඩවල් වලිනුත් ඇහුවා අනිවා කියන ජාතිය තියනවද කියලා. නෑ කිව්වා අනිවා හදන්න දන්නා කෙනෙක් හෙව්වා හම්බ උනේ නෑ. අනිවා කියන්නේ ඔය පොජෙට්ටරේ කොයි කෑල්ලද මචෝ.

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ