Saturday, September 28, 2013


හැම මිනිහෙක්ම එක වගේ නෑනේ.ඉතින් තමාට කොතැන ගියත් තමාට අවේණික ගති ලක්ෂණ තියනවනේ.ඉතින් Facebook ඉන්න ඔබට තියෙන්නේ මොනවගේ ලක්ෂණද කියලා පහල ඇති එක බලලා ඔයාලම කියන්නකෝ.... :)  


1. කුකුළා - ඔවුන් සිතනුයේ සෑම උදෑසනකම මූණුපොතේ Good Morning කීම ඔවුන් ගේ රාජකාරිය බවයි.

2. උකුස්සා - සෑම post 1ක්ම කියවන නමුත් කිසිවිට comment / like නොකරයි.

3. උගුඩුවා - LOL / LMAO හැර කිසිවක් comment නොකරයි.


4. හොර පූසා - 4000+ මිතුරන් කෙලෙස ඇති වුනාදැයි ඔවුන්වත් නොදනී.

5. පොර කුකුළා - ඔවුන් මූණුපොත ක්‍රීඩා පිටියක් ලෙස ක්‍රීඩා කිරීම සඳහා පමණක් යොදා ගනී.

6. බකමූණා - ඔවුන් ජීවිතය කළකිරී, ආදරයෙන් පරාජිත වී ඇති බව මුළු ලොවටම හඬ ගා කියයි.

7. සැළලිහිණියා - මොවුන් ගේ රාජකාරිය events promote කිරීම පමණයි.

8. කොට්ටෝරුවා - දකින දකින post එකට like කරයි.


9. මොණරා - විවිධාකාර ඇඳුම් වලින් සැරසී දිනකට කිහිප වතාවක් තම ඡායාරූප පළ කරයි.

10. සුදු රෙදි හොරා - අනුන්ගේ status / photos සොරා ගනී.

ඔබ මින් කුමන සත්ත්ව විශේෂයට හෝ සත්ත්ව විශේෂයන්ට අයත් වේද? 

9 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ