Monday, January 5, 2015





Phone එකේ Battery low තියාගෙන ගමනක් ගියත් අවුල් ගහන අපිටනම් මේක ගොඩක් වටිනවා. Smart phone වල බරපතලම ගැටලුවක් වෙලා තියෙන Battery charging එකට යන පැයකට වැඩි කාලය  තත්පර 30ට කෙටි කරපු මේ සොයාගැනීම ගැනයි අද ලිපියෙන් කියන්නෙ.
StoreDot නම් ඊස්‍රයල් සමාගමක් විසින් හඳුන්වාදුන් මෙම තාක්ශණය සාර්ථකව අත්හදා බලා ඇති අතර මෙහි මූලික කරුණ නම් එයට භාවිතා කර ඇත්තේ නැනෝ තාක්ශණය මඟින් නිපදවන කෘතිම අනු වීමයි. ඔවුන් මෙය හදුන්වා දෙන්නේ බලශක්තිය උරාගන්නට හා ලබා දීමට හැකි දැවැන්ත ස්පොන්ජ් එකක් ලෙසයි. 
Smart phone සඳහා නිපද වූ මෙම නිර්මාණය Smart phone එක සමඟ සසඳන විට වැඩි ඉඩක් ගන්නා බැවින් මෙයට සුදුසු වන Smart phone බැටරි 2016 වන විට නිර්මාණය කිරීමට හැකි වන බවත් සඳහන් කර ඇත.StoreDot  සමාගම පවසන ආකාරයට තතපර 30ක ආරෝපණයෙන් පසු මෙහි බලය දිනක් දක්වා පවතින බවයි.
StoreDot සමාගමේ නිර්මාතෘ වන Doron Myersdorf මහතා ප්‍රකාශ කර සිටියේ මේවා මීට පෙර නිපද වූ නැති අලුත් උපකරණ බවයි. එම සමාගමේම පුද්ගලයෙක් වන Roman Abramovich මහතා පවසා සිටියේ මෙහි භාවිතාවන අනු විසින් ශක්තිය ඉක්මනින් උරාගෙන නැවත් ලබා දෙන්නෙ සාමාන්‍ය බැටරියක් ක්‍රියාකරන ආකාරයට සමානව වන බවයි. කෙසේවෙතත් මෙහි වැදගත් කරුණ වන්නේ බැටරි වලට වඩා වැඩි ආරෝපණ ශක්තියක් මෙහි භාවිතා වීමයි.
එමෙන්ම මෙම දායාදය වෙනුවෙන් StoreDot සමාගම වෙත ඩොලර් මිලියන 48ක ආධාරද ලැබී තිබේ. කෙසේවෙතත් මෙම ආධාර පසුපස ජංගම දුරකථන ලෝකයේ දැවැන්ත පෙරලියක් කරන සොයාගැනීමක් තිබෙන බව සැබෑව. එහෙයින් මෙවසරේ බිලියන 1.75ක් වන Smart phone හිමිකරුවන් වෙත මෙය ලඟාවන ලකුණු හොඳින්ම ඉස්මතු වේ.
විශේෂත්මීන්ගේ මතය අනුව StoreDot සමාගමට වෙළඳපොල ජයගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවන බව පෙන්වා දේ.Zack Weisfeld විසින් පවසා තිබෙන්නේ "බලශක්ති කුසගින්නකින් ජීවත් වූ ලෝකයට අවශ්‍යව තිබෙන්නේ බල පිටවුමකි. StoreDot විසින් මෙම විශාල ගැටලුව විසඳා හමාරය. බැටරිය බැලූ බැල්මට මදක් විශාල වුවත් එයද සමතකයකට පත් කිරීම ඔවුනට ගැටලුවක් නොවේ."
Myersdorf විසින් එමම ජංගම දුරකථන වල මිළ සඳහන් කර සිටියේ දැනට තිබෙන මාදිලි වලට වඩා ඩොලර් 100ත් 150ත් අතර වැඩිවීමක් දැකගත හැකි වන බවයි. කෙසේවෙතත් එමඟින් 1,500ට වැඩි වාරගණනක් ආරෝපණය කිරීමට ස්අමත් බැටරියක් සහිත ජංගම දුරකථනයක් සමඟ වසර 3ක ආයු කාලයක්ද සහිතව ඔබට එය මිළඳිගැනීමට පුලුවණ.

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ