Thursday, October 30, 2014
Monday, October 27, 2014
ඔන්න යාලුවනේ අද චෙනුර මලයා අද කියලා දෙන්නේ UPS එකත් Battery එකත් කාලයක් තියාගන්න හැටි :) මොකක්ද මේ UPS :)
Uninterruptible Power Supply=UPS
දැන් අපි පහලින් කතා කරමු අපගේ UPS එක වැඩි කාලයක් භාවිත කිරීමට නම් අපි අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා :)
1)පලමුවෙන්ම කියන්න ඕනෙ මෙන්න මෙන්න මේ දේ, ඔබ ප්‍රථම වතාවට UPS එකක් මිලදී ගත් විට, එක භාවිතයට කලින් පැය 12ක් පමණ ආරෝපණ ගැන්වීම අනිවාර්ය ක්‍රියාවකි.
2)UPS එකෙහි විදුලි සැපයුම් කේබලයෙහි තිබෙන පේනු තුනම විදුලි සැපයුමට සම්බන්ධ වල අයුරික් සකස් කල යුතියි. (Live, Neutrel, Earth (UPS එකක් බාවිත කරන බොහෝ දෙනා, මෙම Earth අග්‍රය ගැන එතරම් සලකිල්ලක් නොදක්වයි. මේ නිසාවෙන් Monitor එක සහ CPU එකද Earth අග්‍රය සම්බන්ධවී නොමැත. මෙවැනි වෙලාවක, CPU එක අල්ලන කෙනෙකුට විදුරි සැර වැදීමට පුළුවන, ඒ වගේම පරිගණකයේ RAM සහ CPU එකටද අභ්‍යන්තර වශයෙන් හානි විය හැකියි.
3)පරීගණකය Shut Down කල විගස, USP එකට ලැබෙන විදුලි සැපයුම අත්හිටු නොකරන්න, විදුලි සැපයුම දිගටම ලැබාදෙන්න. එහිදී මෙහි තිබෙන බැටරිය හොදින් ආරෝපනය වනු ඇත.විදුලි විසන්දිවීමකදී ඔබ පරිගණකයේ ක්‍රියාත්මක කර තිබුනොත්, අදාලා ක්‍රියාකරකම් ඉක්මනින් Save කර තබා, පරිගණකය Shut Down කරන්න. ඔබ විදුලිය නොමැති විටත් USP එකෙන් වැඩි භාවිතක් ලබා ගතහොත්, මෙහි තිබෙන විදුලිය නිතර නිතර ශූන්‍ය තත්වයට පැමිනේ.එහිදී මෙහි තිබෙන බැටරිය කෙටි කලකින් සම්පූර්ණයෙක් අක්‍රීය වීමට පුළුවන.
4)ඔබ සතුව ලේසර් ප්‍රින්ටර් එකක් තිබෙනවානම්, කිසිම විටක එයට UPS එක හරහා විදුලිය ලබා නොදෙන්න (Laser Printer එකක් ක්‍රියාත්මක වීමේදී විශාල විදුලි ප්‍රමාණයක් ලබාගැනීම නිසා UPS එක කෙටි කලක් තුල අඩපන විය හැක.
5)UPS එක මොනිටර් එක ආසන්නයේ නොතබන්න, සෑම වෙලාවටම UPS එක පරිගණකයේ මේසයට පහලින් තබා ගන්න, එහෙත් ජයල වැනි දෑ මෙය මත පතිත නොවීමට වග බලාගන්න. ( UPS එක Monitor එක ආසන්නයේ තැබුවහොත්, මෙමගින් ප්‍රේරණය වල චුම්භක ක්ෂේත්‍රයේ බලපෑමික් නිසා පරිගණක තිරයේ දෙදරන ස්වාභාවියක් ඇති විය හැකිය.
මේවා හරියට කලොත් ගොඩම තමයි ඈ එහෙනම් අදත් Like & Share පාරක් දාන්න යාලුවනේ ඔන්න එහනම් චෙනුර මලයා කැපුණා :)
/Bye
Sunday, October 26, 2014
/hihi අදත් මම ගේනවා open source post එකක් කිවොත් මම හරි.
පුලුවන් වැඩ කිඩ නම් ගොඩක් තියනවා ඒවගෙන් ටිකක තම මේ 3D applications and video games වලට මේක තම ගොඩක් අය use කරන්නේ සුපිරි නේ තව වැඩ කිඩ ගොඩක් තියෙනවා
ඒවා තම මේ
- Animated films
- visual effects
- art
- 3D printed models
- interactive 3D applications and video games
එහනම් දැන් download කරගමු නේ .මම මේ දෙන ලින්ක් එක ඔයාලට ඕනි සංස්කරණය Download කරගන්න
/bye /bye /bye /bye
ඔන්න අදත් චෙනුර මලයා Windows මෙහයුම් පද්තියට අදාල ලිපියක් ගෙනාවා ඈ.. හරි මොකක්ද මේ කරන්නේ යන්නේ? Normally අපි Windows දාන්නේ DVD එකකින් නේ සමහර වේලාවට එක බැරි වෙනවා මොකද?windows 8 වල All in One එක ගත්තොත් DvD එකකට ගහන්න බැහැ.එක නිසා Windows දාන්න වෙන්නේ Pen එකකින් :D ඔන්න අද #CyberTricksZone එකේ චෙනුර මලයා අද කියන්නේ ඒ විදිහට Pen එකෙන් Windows දාගන්න විදිහයි මේ :D මම කලින් ලිපියක් ගෙනාවා Windows 7/8/8.1 DvD එකකට Bootable විදිහට Burn කරන හැටි ගැන ඒ ලිපිය මෙතැනින් :D
හරි අපි වැඩේට බහිමු!මගේ උපදෙස් පිළිපදින්න ඈ
අවශ්‍ය දේවල්
1)Windows 7 හරි 8 හරි 8.1 හරි ISO File එකක්
2)4GB හරි ඊට වඩා ලොකු PenDrive එකක් :D (Windows File එකේ ප්‍රමාණයට වඩා ධාරිතාවයක් තියෙන Pen එකක් වෙන්න) :)
3)මෙන්න මේ Software එක Only 700kB :D Software එක පහලින් ගන්න :)
මුලින්ම අපි කරන්න ඕනේ Pen එක Bootable විදිහට හදාගන්න එක :D
1)Windows දාගන්න ඕනේ Pen එක Computer එකට Connect කරගන්න :) හරි ඒ Pen එක Format කරගන්න :)
2)Download කරගත්ත Software එක Open කරගන්න :) එකේ මම පහළ දීලා තියෙන 2ක ඇරෙන්න එකක්වත් වෙනස් කරන්න යන්න එපා :)
වම් අත පැත්තේ රූපේ අංක එකට කැමති නමක් දෙන්න.අංක 2කට ඔයාගේ Windows තියන ISO File එක Select කරන්න :) එච්චරයි දැන් Start Click කරන්න :D දැන් Warning Message එකක් එනවා Ok කරන්න.වැඩේ වෙන්න ටිකක් වෙලා යයි වැඩේ ඉවර වුණාම Done කියලා Software එක පහළින් වැටෙයි :D ඔන්න දැන් Windows Bootable Device එක හරි :)
හදාගත්ත Pen එකෙන් Windows දාගන්නේ මෙහමයි
Pen එක ගහලා Machine එක Restart කරන්න :)
Machine එක On වෙනකොටම එන්නේ Motherboard එකේ Logo එක එහෙම එතකොට Delete Key ඔබන්න එතකොට BIOS Setup එකට යනවා නිල් පාටට තියන (සැ.යු Delete එක එබුවාම අවේ නැත්නම් F2, F10, F12 මේ Key එකෙන් එක ඔබලා බලන්න මොකද එක එක Mother Board වල Bios Setup එකට යන Key එක වෙනස් )
ඊට පස්සේ ඒ Menu එකේ උඩම තියන Boot Tab එකට ගිහින් :) Boot Devices Priority කියන එකට Enter ඔබලා එන Menu එකේ 1st හරි 2nd හරි Boot Device එකකට ඔයාගේ Pen එක Select කරන්න :) එක කරාට පස්සේ Esc Key එක ඔබන්න :) දැන් Y ගහලා Save කරලා Bios Setup එකෙන් පිට වෙන්න පුළුවන් :) ඊට පස්සේ Restart වෙලා On වෙනකොට Press Any Key To Boot Form CD or DvD කියලා ආවම Enter ඔබන්න Windows Setup එක එනවා :) අවුලක් නම් Fanpage එකට දාන්න ඈ ;)
ඔන්න ඉතින් අදත් චෙනුර මලයා මගේ කාලය කැපකරගෙන ලියුවේ ඔයාලට අලුත් දෙයක් කියලා දෙන්න එක නිසා මගේ මහන්සිය සලකලා Like එකක් දාගෙනම යන්න යාලුවනේ :D
Saturday, October 25, 2014
Friday, October 24, 2014
හල්ලොව් කොහොමද කට්ටිය ඈ ඔන්න අදත් චෙනුර මලයා පරිගණක වල නරක පැත්ත ගැන ලිපියක් ගෙනාවා :D මුලින්ම අපි එකෙන් එක බලමු මේ මොනවද කියලා :D හරි මේ ලිපිය ගැන මුලාශ්‍ර ලබාගත්තේ
රුවන් අයියාගේ බ්ලොග් අඩවියෙන් හා මා දාන්න කරුණු එකතු කරා ඈ :D හරි
Hack කිරීම?
ඇත්තටම මේකට ගොඩක් අර්ථ තියෙනවා Dictionary වල බලන්න කුණුහරුපත් එනවා ;) මේකේ සරල තේරුම තමයි අනවසර ආක්‍රමණය.පරිගණක ආශ්‍රිත දේවල් වල දත්ත හොරකම් කිරීම :D මේවට ඕන තරම් නිර්වචන තියෙනවා.කොහොම වුනත් මේක නරක දෙයක් හොරකමනේ... ;)
Hacker වරු?
පරිගණක වලට අනවසරයෙන් ඇතුල් වෙලා දත්ත සොරාගෙන ඒවා තමුනෙග් සිතැගි පරදී කටුයතු කරන අය කියුවොත් හරි(සරල අර්ථය)
Hacker වරු ප්‍රධාන වර්ග 3
White Hat සුදු තොප්පි හැකර්වරු
පරිගණක සහ ජාල ආරක්ෂක ප්‍රමුඛයන් ලෙස හැදින්වේ.මොවුන් සිය දැනුම සිය ආයතනයේ ආරක්ෂාව උදෙසා භාවිතා කරයි මොවුන් පද්ධතියකට අනවසරයෙන් ඇතුළුවූවත් ඒ අවශ්‍යම හේතුවක් නිසා පමණක් වන අතර සැම විටම හානිකර හැකරැන්ගෙන් පරිගණක පද්ධති බේරාගැනීම පරාමාර්ථය කොට වැඩ කරයි.මෙයාලගේ සරල තේරුම තමයි මෙයාලා Hacking යොදන්නේ හොද පැත්තට ;)
Black Hat කළු තොප්පි හැකර්වරු
නීති විරෝධි හා අනවසර ඇතුළුවීම් හානිකර කටයුතු සඳහා යොදා ගනියි.හානිකර හේතුන් සදහා ජාලයකට හෝ පරිගණක පද්ධතියකට ඇතුළු වෙන මෙයාලා Hacking යොදන්නේ ගොඩක් නරක වැඩ වලට :( මෙයාලා ගොඩක් හැංගිලා ඉන්නේ දැනට ගොඩක් අය හිරේ :D
Gray Hat අළු තොප්පි හැකර්වරු
ඉහත දෙපාර්ශවයේම එකතුවක් ලෙස හැදින්වේ. අන්තර්ජාලය තුල සැරිසරමින් අනෙක් ජාල තුල ඇතුල් වේ ,මොහො දුරට සුළු මුදලක් සදහා පද්ධති සහ ජාල වල අනාරක්ෂිත ස්ථාන අලුත් වැඩිය කරයි.මෙයාලා ගැන කියන්න අමාරුයි එක එක විදිහට Hacking යොදාගන්නවා :D
Hacking ඉගෙන ගන්න අයගේ අධ්‍යාපන අවදි
Elite hacker
විෂයේ දැවැන්තයෝ මෙම නමින් හදුන්වයි , නව අනාරක්ෂිත ස්ථාන සොයන්නන්,නව ඇතුළු වන ක්‍රම සොයන්නන් මෙම ඝනයේ ලා සැලකේ සරලව කියන්නේ නම් වැඩ්ඩන් හා වැඩකරැවන් ලෙස මොවුන් හැඳින්විය හැකිය.
Script kiddie
කිසිම හැකිං පිලිබඳ දැනුමක් නැති,අවබෝදයක් නැති අය වේ,අනිත් පුද්ගලයන් විසින් නිර්මාණය කරන ලද Application ආධාරයෙන් වැඩ ගන්නෝ වෙති.
Neophyte
සමහර තමන් වැඩ්ඩන් යයි සිත සිටින්නන් කිසිදු දෙයක් නොදන්නා නමුත් වැඩකරැවකු යැයි පෙන්වන්න්ය (Noob ,හා Newbie) නමින්ද හඳුන්වයි.සිංහලෙන් කියනවානම් කටින් Hacker වරු (ලංකවේ වැඩි මෙයාලගේ අය තමයි)
Blue hat
පද්දති වල ආරක්ෂාව සොයා බලන්නන් මේ නමින් හැදින්වේ.
Hacktivist
සමාජ,ආගමික,දේශපාලන අවශ්‍යතා සදහා ඇතුළු වන්නන්.
හැක් කරන්න භාවිතා වන ක්‍රම
- Server Side Hacking
- Social Engineering
හැකින් වල භයානකම සහ ප්‍රබලම ලෙස සලකන්න පුළුවන් තම බුද්ධිය සහ අනෙක් පුද්ගලයාව රැවටීමේ දක්ෂතාවය මත මෙය රදා පැවතේ.හොදට හිතන්න පුළුවන් වෙන්න ඕනේ :)
උදා - මම Fake Account එකකින් තමාට Hack කිරීමට අවශ්‍ය පුද්ගලයා සමග මිත්‍ර වී ඔහු ගැන විස්තර දැන ගැනීම තුලින් අදාල පාස්වර්ඩ් වැනි දෑ සොයා ගැනීඹ හෝ අනුමාන කිරීම.
Social Engineering Expert කෙනෙකු සාමාන්‍යයෙන් දින ගානක් තාමාට අවශ්‍ය පුද්ගලයා දෙස බලා සිටිමින් ඔහු අධ්‍යයනය කරයි,ඔහුගේ ජිවන රටාව,කැමති යුවතියන් වර්ග,කොන්ඩ විලාසිතා. වැනි දේ(Hack කිරීමට ඕන කෙනාගේ පුද්ගලික තොරතුරු ලබා ගන්නවා)
Shoulder Surfing
අනෙකාගේ මුර පදය දෙස ඇස කොනෙන් හෝ , බලා සිටීම.රහසින් බලා සිට මුර පදය සොයා ගැනීම :o (ගොන් Hacking)
Guessing
යහළුවෙක් නම්, Social Engineering දන්නාවනාන්ම් මේක ලේසියි , අනුමානයට විවිධ පාස් වර්ඩ් ඇතුල් කර බලමින් හරි පාස්වර්ඩ් එක සොයාගැනීම.
Keylogging
වඩාත් දියුණු තත්වයක් වේ.මේ සඳහා හැක් කිරීමට අවශ්‍ය පුද්ගලයාගේ පරිගණකයට මුලින්ම කී ලොගර් වැඩසටහනක් යවනු ලැබේ පසුව මෙය මගින් අනිත් පුද්ගලයා විසින් ටයිප් කරන සියලුම අකුරු හැකර් වරයා වෙත ලැබේ .උදා - RapZo Logger,Accuracy Logger , Keystork Dante,Ring Logger
Cookies Stealing
යම් අඩවියකට ඇතුල් වීමේදී තම පරිඝනකයේ තැන්පත් වන කුකිස් සොර ගැනීම තුලින් ලොග් වන යුසර් Name සහPassword සොරාගනිම .
Remote Administration tools - (RAT)
හැකර් වරුන්ගේ ප්‍රබලම අවියකි , හැකර් වරයාට අවශ්‍ය පුද්ගලයාගේ පරිගණකය අවශ්‍ය පරිදි හැසිරිවිය හැකිය , වෙනත් ඒවා බාගත කල හැකිය. උදා - Pro RAT , Dark_Comet , BS , Spy Net , Cyber gate
Password Stealing
Keylogging වලට සාමාන උව්වත් මෙහිදී නියමිත Apps වල User Names and Password පමණක් හැකර් කරුවාගේ ඉ මේල් ගිණුමට හෝ ඔහුගේ අදාළ අඩවියකට එවයි ,Ex – Emissray , iStealer
Phishing Attacks
අදාළ වෙබ් අඩවිය ලෙස සෑදු ව්‍යාජ අඩවියකට පුද්ගලයාව ගෙන යයි ,උදා - ෆේස් බුක් අඩවිය ලෙස තනු ව්‍යාජ එකට ඔබ ලොග් වූ විට ඔබේ දත්ත හැකර් වරයාට ලැබේ.
Bot or Zombies
තවත් ප්‍රබල දෙයකි , Password Stealing , Keylogging යන්න ලෙසත් ක්‍රියාත්මක වේ , BOTNET එකක් යනු බොහෝ විනාශ කාරී දෙයකි , ඔබේ සියලු දත්ත සොර ගන්නට හැකි වේ. උදා - Zeus bot
Server Side Hacking
Exploiting යනුවෙන් මුලිකවම දැක්වෙන්නේ,යම් පද්දතියක හෝ ජාලයක ඇති අනාරක්ෂිත ස්ථානයකින් ඇතුල් වීමෙන් තාමගේ වාසිය සාදා ගැනීමයි.වෙබ් අඩවියකට මෙවැන්නකින් කල හැකි දේ.
1. SQL Injection
2. RFI, LFI3. Uploading Shells
4. XSS Cross Site Scripting
5. CSRF
6. Gaining Root Access to websites hosted on the same server and then intruding another site on the server.
7. Using Scripts to gain information known as Exploits.
Dictionary Attacksලෙහෙසියෙන්ම මෙයින් අත්මිදෙන්න පුළුවන් , නමේ හැටියට වගේම කිසිම දවසක Dictionary එකක ඇතුලත් වෙන්න පුළුවන් නම් මුරපදයට ඇතුල් කරන්න එපා.
Brute-force Attacks
ඉහත දේට සමානයි . නමුත් බොහෝ දවසක් යන වැඩක් , ඔබේ මුර පදය දිගු එකක් නම් ,අංක , එකතු කිරීම , සමාන ලකුණු , වරහන් වැනි දේ සමග තියෙනවා නම් බොහෝ දුරට මෙම ප්‍රහාරය දියත් කරයි , නමුත් ගොඩක් ලොකු මුර පදයක් නම් වැඩක් වෙන්නේ නැහැ.
Like කරලා උදුව් කරන්න යාලුවනේ :D එහෙනම් චෙනුර මලයා ගියා අපේ Site එකේ Hacking යටතේ තියෙන ඒවා කියවලා තවත් දැනුම වැඩි කරගන්න පුළුවන් :D
වැඩි දුර දැනගන්න පහළ Post බලන්න :D
Tuesday, October 21, 2014
හලෝ යාලුවනේ ඔන්න අදත් චෙනුර මලයා Facebook ගැන ලොකු වාගේම විශ්මිත තොරතුරු ටිකක් ගෙන්නවා.Zuckerberg පුංචි කාලයේ සිට අද දක්වාම වර්ණ අන්ධතාවයෙන් පෙළෙන්නෙකි.ඒ මාක් Zuckerberg පෙලෙන ජානගත වර්ණ අන්ධතාවය නිසාවෙන් ඔහුට කිසිදා රතු සහ කොල වර්ණයක් නොපෙනීම නිසායි.ඔහු ෆේස්බුක් වෙබ් අඩවිය සදහා නිල් වර්ණය තෝරාගන ඇත්තේ ඒ නිසාවෙනි. වැනිටිෆෙයා සඟරාව අනුව මාක් Zuckerberg යනු ලොව වැඩිම බලපැමක් කළ හැකි අංක එකේ පුද්ගලයෙකි.
2004 වසරේදී අරම්භ කරන ලද ඔහුගේම ෆේස්බුක් වෙබ් අඩවියේ සාමාජිකත්වය මාක් විසින් ලබාගත්තේ එහි මිලියන පන්සීය වැනි සාමාජිකයා ලෙසින.ෆේස්බුක් වෙබ් අඩවිය ගැන තැනූ විත්‍රපටියක් ද වේ.එය පසුගිය වසරේදී අතිශයින් ජනප්‍රියත්වයට පත්විය. එම චිත්‍ර පටියට දායකු වූයේ The Accidental Billionaire නම් ඔහුගේ චරිතාපදාන ග්‍රන්ථයයි. වර්ථමානය වන විට ලොව අංක එකේ ලාබාලතම කෝටිපතියා වන මාක් Zuckerberg.
මාක් 2004 වසරේදී හාවඩ් විශ්ව විධයාලයේ ඉගෙනුම ලබමින් සිටි කාලයේදී ඔහු සමඟ ඉගෙනුම ලැබූ තවත් මිතුරන් තිදෙනෙකු හා එක්ව ෆේස්බුක් වෙබ් අඩවිය තැනුවේ හුදෙක් විනෝදය සදහායි. එය මෙතරම් ජනතා ආකර්ශණයක් දිනා ලෝක සංස්කෘතියක් බවට පත්වේ යැයි එදා ඔහුව් සිහිනෙන් වත් නොසිතන්නට ඇති.
වර්ශ 2004 හි පෙබරවාරි 4 වෙනි දින, මෙම මුහුණු පොත පිහිටුවන ලදි. මෙය පිහිටුවනු ලැබුයේ Mark Zuckerberg සමග එක්ව එවකට හාවඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ Eduardo Saverin, Dustin Moskovitz සහ Chris Hughes තිදෙනා එකතුවෙනි. මොවුන් විසින් ගොඩනගන ලද Social Network එක අද වන විට ලොව පුරා සිටින ජනතාවගේ ජීවිතයෙහි කොටසක් බවට පත්ව තිබෙනවා. මේ වන විට මුහුණු පොතේ ක්‍රියාකාරී සාමාජිකයන් මිලියන 900ක් සිටිනවා. මොවුන් දිනකට එක්වතාවක් හෝ ඔවුන්ගේ ගිණුම් පරික්ෂා කිරීම සිදු කරනවා. මෙම මුහුණු පොත මගින් අපි අතර මිතුර හවුල් ඇති කරන අතර. දැන්වීම් ප්‍රචාරය ඔස්සේ ආදායමක් උපයා ගනු ලබනවා. එය වසර 2010 දී ඇමරිකාණු ඩොලර් බිලියන 1.97 ලෙස පැවතුනත්, 2011 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 3.71 බවට පත්ව තිබෙනවා.
2004 වසරේදී අරම්භ කරන ලද ඔහුගේම ෆේස්බුක් වෙබ් අඩවියේ සාමාජිකත්වය මාක් විසින් ලබාගත්තේ එහි මිලියන පන්සීය වැනි සාමාජිකයා ලෙසින.ෆේස්බුක් වෙබ් අඩවිය ගැන තැනූ විත්‍රපටියක් ද වේ.එය පසුගිය වසරේදී අතිශයින් ජනප්‍රියත්වයට පත්විය. එම චිත්‍ර පටියට දායකු වූයේ The Accidental Billionaire නම් ඔහුගේ චරිතාපදාන ග්‍රන්ථයයි. වර්ථමානය වන විට ලොව අංක එකේ ලාබාලතම කෝටිපතියා වන මාක් Zuckerberg.
විශ්මිත තොරතුරු
- මිහිපිට ජීවත්වන පුද්ගලයන් 13 දෙනෙකු අතරින් එක අයෙක් මුහුණු පොතේ සාමාජිකයෙකි.
- United States of America හි අන්තර්ජාල භාවිත කරන පුද්ගලයන්ගෙන් 72% මුහුණු පොතේ සාමාජිකයන්
- මුහුණු පොත තුල මිනිත්තු 20 තුලදී Link 1,000,000 ක් Share කරනු ඇත
- මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 1,484,000 ක් Invided Post ඉදිරිපත් වේ.
- මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 1,323,000 ක් Photos Tag කරනු ලබයි.
- මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 1,851,000 ක් Status Update අතුලත්වේ.
- මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී මිලියන 1.972 ක් Request Accept කරනු ඇත.
- මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 2,716,000 ක් Photos Update කරනු ඇත
- මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 2,716,000 ක් Message හුවමාරු වේ.
- මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී මිලියන 10.2 ක් Comment පල කරනු ලබයි.
- මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 1,587,000 ක් Wall Post ඇතුලත් වේ.
- සතියකය New Yorks ප්‍රදේශයෙන් Photos මිලියන 750 ක් පමණ මුහුණු පොතට අලුතෙන් එකතුවේ.
- 48% 18 ක් සිට 34 වසර දක්වා වයසැති පිරිසක් අවදි වූ සැනින් තම ගිණුම පරීක්ෂාකරනු ලබයි.
- සෑම දිනකම 50% ක්‍රියාකාරී සාමාජිකයන් මුහුණු පොතට පිවිසේ.
- ගිණුමක සිටින මිතුරන් ගනනෙහි සාමාන්‍ය අගය මිතුරන් 130 කි.
- මහජනතාව මසකර මිනිත්තු බිලිනය 700ක් තරම් කාලයක් මුහුණු පොත සමග ගත කරයි.
- මුහුණු පොතෙහි සාමාජිකයන් සම්බන්ථ වී තිබෙන Page, Group සහ Event ගනනෙහි සාමාන්‍ය අගය 80 කි.
- පරිශීලකයෙක් මසකට ඇතුලත් කරන අඩංගු කරන පොස්ට් සංඛ්‍යාවේ සාමාන්‍ය 90 කි.
- මසකට මුහුණු පොතහි (Web Link, News Stories, Bloging, Notes, Photos Album) ආදී පොස්ට් මිලියන 30 ක් පමණ ඉදිරිපත් වේ.
- මුහුණු පොතෙහි භාෂා 70 ක් සදහා පරිවර්ථණය කරගැනීමේ පහසුකම් ලබාදී තිබේ.
- මුහුණු පොතෙහි 70% සාමාජිකයන් ඇමරිකාවෙන් පරිභාහිර පුද්ගලයන්ය.
- සෑම දිනකම මිලියන 70ක් ඇප්ලිකේෂණ් මුහුණු පොතෙහි සාමාජියන් Install කරගනු ලැබේ.
- 2010 අප්‍රේල් සිට Social Plugin, අලුත් වෙබ් අඩවි සදහා එකතු කිරීමේ සාමාන්‍ය 10000 කි.
- මුහුණු පොතෙහි ක්‍රියාකාරී සාමාජියන් මිලියන 250 වැඩි සංඛ්‍යාවත් මුහුණු පොත පරීශීලනය කරනු ලබන්නේ ජංගම උපාංගය හරහාය.
- ජංගම උපාංග භාවිත කරන්න පරිශීලකයන් මුහුණු පොතහි දෙවරක් ක්‍රියාකාරී නොවෙන සාමාජිකයන් නොමැති තරම්ය.
- මුහුණු පොතෙහි ක්‍රියාකාරී සාමාජියන්ගේ රට රටවල් සසදන විට, ඕස්ට්‍රේලියානු සාමාජිකයන් අනෙකුත් රටවල් වල සාමාජිකයන්ට වඩා මුහුණු පොත තුල ගතකරන කාලයෙහි සාමාන්‍ය පැය 7 කි.
- මුහුණු පොත Google සමාගමට පසුව විශාල ට්‍රැෆික් එකක් තිබෙන වෙබ් අඩවියයි.
- මුහුණු පොතෙහි මුදල් සම්භාරය ආසන්න වශයෙන් ඇමරිකාණු ඩොලර් බිලියන 80 කි.
පහළ Video එකේ තියෙන්නේ Facebook වල හදවත වෙන Facebook Data Center එක :D
දිනෙන් දිනම ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියට එකතු වන සාමාජික සංඛ්‍යාව ඉහල යන නිසාවෙන් එහි සමාගම් මධ්‍යස්ථානයේ දත්ත ගබඩාවන්හි ඉඩ මදී වි තිබෙනවා. ෆේස්බුක් වෙත දිනකට ඡායාරූප මිලියන 100කටත් අදික සංඛ්‍යාවක් එකතු වන බව ගනන් බලා තිබෙනවා. දුරදක්නා නුවනකින් වැඩ කටයුතු කරන ෆේස්බුක් නිර්මාතෘ මාක් ෂකර්බර්ග් මහතා මෙය කලිතියා වටහාගෙන නව දත්ත ගබඩාකිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළේය. මෙහි වැඩ කටයුතු කඩි මිඩුයේ අවසක් කරමින් දත්ත මධ්‍යස්තානය පසුගිය දා විවෘත කලේය. මෙහිදී ඔවුන් විසින් ලොව අනෙකුත් සමාගම් නොකල විශේෂිත ක්‍රියාවක් සිදු කලේය. ඔවුන්ගේ දත්ත මධ්‍යස්ථානයේ සැලසුම් ලෝකයා වෙත ප්‍රසිද්ධ කිරීම නිසා, ලොකයා මවිතයට පත්වූවා. ගූගල් සහ මයික්‍රොසොෆ්ට් සමාගම් තම දත්ත ගබඩාවන්හි සැළසුම් රහසිකතව තබා ගත්තත් ෆේස්බුක් විසින් ඔවුන්ගේ සුවිසල් ධත්ත මධ්‍යස්ථානයේ තොරතුරු හෙලි ලෝකයේ බොහෝ දෙනාගේ පැසසුමට ලක්වුණි.
Monday, October 20, 2014
ලංකාවේ ගොඩක්ම අය Hack වෙන්නේ මෙන්න මේක නිසා එක නිසා මේ ගැන ලියන්න හිතුවේ :D කොහොමද ඉතින් ඔන්න අදත් චෙනුර මලයා ඔයාලාගේ ආරක්ෂාව ගැන ලිපියක් මේ ගෙන්නේ ඈ.. ඔන්න තවත් සුපිරි post එකක් අරන් ආව එහෙනම්.ලංකාවේ ගොඩක්ම Hacking වැඩ වෙන්නේ මේ KeyLogger වලින් :D අද කියන්න ආවේ Keyloggers වලින් බේරෙන් විදිහ ගැන දැන් කට්ටිය බයවෙලා ඇති නේද ගොඩාක් අය keloggers වලට බයයි නේ ඉතින් Net Use කරද්දි අනිවාරෙන්ම ඔයාල දැනගන්න ඕනි Keloggers වලින් බේරෙන විදිහ එහෙනම් පටන් ගමු. :D
keylogger එකක් කියන්නේ මොකද්ද?
ඔයාල මීට කලින් keyloggers ගැන් අහල ඇති නේද ඒත් ඔයාල හරියටම keylogger එකක් කියන්නේ මොකද්ද ඒකෙන් වෙන්නේ මොකද්ද කියල වැඩිය දන්නේ නෑනේ. :D keylogger එකක් keystroke logger කියල හදුන්වනවා..ඒකෙන් වෙන්නේ ඔයාලගෙ Computer එකට keylogger එකක් ගියහම ඔයා කරන හැම වචනයක්ම සටහන් කරගන්නවා ඊට පස්සේ හැකර්ට ඒව බාලාගන්න පුලුවන්..ඔයාලට ඔයාගෙ computer එකේ keylogger එකක් තියෙනවද කියල කොහොමටවත් හොයන්න බෑ මොකද ඒක ඔයාලගෙ Task manager එකේ වත් Control pannel එකේ වත් නෑ...මොකද මේක Program කරන්නේ StartUp එකට එකියන්නේ Machine එක On කරපු වෙලේ ඉදලා මේක වැඩ :D මේක ගොඩාක් දෙමවුපියෝ බාවිතා කරනව තමන් ගේ ළමයි මොනවද කරන්නේ කියල බලාගන්න..එත් මේක අද ලංකවේ වගේ යොදාගන්නේ Hacking වලට :D
මුලින්ම කියන්නම් මේ Logger එක එක නම් වලින් තියෙනවා :D
Antilogger
RingLogger
KeyLogger මේ වගේ ගොඩක් ඒවා තියෙනවා නම වෙනස් වුණාට වෙන්නේ එකම දේ :D
Keylogger ඒකෙන් ඔයාට වෙන්න පුලුවන් හානි :(
එකක් ඔයාගෙ යාලුවා විසින් හෝ හතුරා විසින් වෙනත් file එකක් සමග bind කරල එවන්න පුලුවන්...මේක මගින් ඔයාගෙ හැම තොරතුරක්ම වගේ එයාට යනව උදාහරනයක් විදිහට -ඔයාගෙ ෆේස්බුක් ගිනුමේ Email and Password, Google account එකේ email password වගේ ඒවා එයාට යනවා..
keyloggers වර්ග..
එහෙනම් keyloggers වර්ගීකරනය කෙරෙනවිදිහ ගැන කතා කරමු වර්ග දෙකක් තියෙනවා එකක්
*Hardware Keylogger
*Software Keylogger.
Software Keylogger එක install වෙන්නේ ඔයාගෙ computer එකට ඒත් Hardware keylogger එක එකතු වෙන්නේ ඔයාගෙ keyboard එකට.පල්ලෙහා images බලල ඔයාලගෙ දැනුම තවත් තහවුරු කරගන්නකෝ:D
Hardware
Software කියුවට මේක Machine එකකට ගියාම මෙහම පෙන්වන්නේ නැහැ ඈ ;)
මේක වැඩ කරන හැටි :D
මේක කියුවේ රුවන් අයියා :D Key Logger වලින් කරන්නේ ටයිප් කරනා හැම දෙයක්ම ටයිම් ඩියුරේෂන් එකකට වරක් යවන එක , Stealer එකකින් තමයි User Name Passowrds යවන්නේ ,
Keyloggers වලින් බේරෙන විදිහ
මන් කලිනුත් කිවුවා වගේ keyloggers කරන්නේ ඔයාගේ පෞද්ගලික තොරතුරු හොයන්න ඉතින් ඒවයින් බේරෙන විදිහ දැනගෙන ඉන්නත් එපා..ඒවායින් බේරෙන්නනම් මන් පල්ලෙහා දාල තියෙන පියවරවල් අනුගමනය කරන්න1.හොදම දේ තමයි හොද වයිරස් ගාර්ඩ් එකක් සහ උසස් මට්ටමේ ෆයර්වෝල් එකක් භාවිතා කිරීම..
2.ඔය සමහර ක්‍රැක්ස් වැනි ඇප්ලිකේශන් භාවිතා කරන්න කලින් කියනවා ඔයාගෙ FireWall එක එහෙමත් නැත්තනම් වයිරස් ගාර්ඩ් එක Deactive කරන්න කියලා...එවැනි දේවල් භාවිත කරද්දි විශ්වාසයක් නැතුව වයිරස් ගාර්ඩ් එක Deactivate කරන්න යන්න එපා..
3.ඔයා කැෆේ එකකට ගිහින් facebook ,gmail, yahoo යනවානම් ඔයාගේ ඒ Account එකේ 2nd Verified කරලා තියාගන්න :D
4.තව දෙයක් ඔයා කැෆේ එකකට ගියහම හොදින් බලන්න එකේ keyboard wire එක දිහා ඒකට යම්කිසි දෙයක් බද්ද කරල තියෙනවද බලන්න අර මන් කලින් දීපු image එකේ වගේ
5.තවත් දෙයක් තමයි ඔය එක එකා බොරුවට දෙන hacking software කියල දෙන ඒව download කරන්න එපා ඇත්තටම hacking software වර්ග නෑ ඒව මුලා කිරීමක් ..
අනේ දැන්නම් type කරලම මගෙ ඇගිලි රිදෙනවා මන් හිතනවා මේක ඔයාලට වැදගත් උනා කියල මෙච්චර කියල දීලත් like එකක් හරි comment එකක් හරි නොදා යන්න පුලුවන් ද යාලුවනේ.. :D
Sunday, October 19, 2014
හා කොහොමද යාලුවනේ දවස් 2කින් Post එක්ක දාන්නත් බැරි වුණා නේ යාලුවනේ :D ඔන්න එකටත් හරි යන්න තරිදුවා ගේ ලිපියක් ගෙනාවා :D
ගොඩක් අයගෙ අපිරිසිදුම තැන තමයි Desktop එක.. :D අද මම ඔයාලට දෙන්න යන්නෙ ඒකට නියම විසදුමක්..ඔයාගෙ අයිකන් ටික ලස්සනට රාක්කවලට දාලා පිලිවෙලකට තියාගන්න මෙමගින් පුලුවන්..වෙන මුකුත් නෙවෙයි දෙන්නෙ ලස්සන Wallpaper දෙකක්..මුලින් බලල ඉන්නකෝ ඔය මහ ලොකු Wallpaper දෙක... ;)
ඔයාලට කරන්න තියෙන්නේ මේ එකකින් කැමති එකක් Desktop Background එකට දාගෙන රාක්ක වලට Icon ටික ඇදලා දාන්න මෙන්න මේ මගේ එක
පහළින් ඒ Image දෙක Download කරගන්න පුළුවන් දෙකෙන් එකක් දාලා හොදම එක තියාගන්න පුළුවන්
:D
පහළින් බාගන්න එහෙනම් Wallpaper 2 ක :D
වම් අත පැත්තේ එක
දකුණු අත පැත්තේ එක
හරි අපි ගියා එහනම් Windows 7 වල එන Desktop Gadget වල clock එහෙම දාගෙන ලස්සන කරගන්න පුළුවන් ඈ ඔන්න චෙනුර කැපුණා ඈ Like එකක් දාලා උදුව් කරන්න අමතක කරන්න එපා යාලුවනේ
/Bye
Friday, October 17, 2014
කොහොමද කට්ටිය ඈ හොදින් නේ ඔන්න අදත් චෙනුර මලයා ආවා ඈන්ඩ්‍රොයොඩ් වෑඩ කෑල්ලක් අරන්.ඈන්ඩ්‍රොයිඩ් ෆොන් එකක් පරික්ශණය කරගන්න හොදම ක්‍රමයක් තමයි මේක ඈ නො රූට්,රූට් ඕන එකකට පුලුවන් ඈ සමහර ෆොන් වලට සමහර කොඩ් වෑඩ කරන්නේ නැ ඈ අවුලක් ගන්න එපා හැම කොඩ් එකක්ම ගහලා බලන්න එකක් හරි වැඩ කරයි :D
ගොඩක් අය දන්නවා මේ ගෑන මෙන්න මෙ පහල තියෙන කොඩ් ටික ඔයාගේ ෆොන් එකේ කොල් ගන්න තෑන ගහලා බලන්න ඈ :D
- Factory Restore Settings (මිලදී ගන්නා විට තිබුනු settings වලට දුරකතනය පත් කිරීමට භාවිතා කරන්න පුලුවන් - [ *#*#7780#*#* ]
- දුරකතනය සහ බැටරිය පිලිබද විස්තර දැනගැනීමට - [ *#*#4636#*#* ]
- දුරකතනය Format කිරීම සදහා - [ *2767*3855# ]
- Media Files backup කිරීමට - [ *#*#273283*255*663282*#*#* ]
- දුරකතනය Service Mode කිරීමට - [ *#*#197328640#*#* ]
- කැමරාව පිලිබද විස්තර බලාගැනීමට - [ *#*#34971539#*#* ]
- WiFi MAC address එක බලාගැනීමට - [ *#*#232338#*#* ]
- GPS Test එකක් කිරීමට - [ *#*#1472365#*#* ]
- Bluetooth Test එකක් කිරීමට - [ *#*#232331#*#* ]
- Bluetooth Device Address එක බලාගැනීමට - [ *#*#232337#*# ]
- Ram Version එක බලාගැනීමට - [ *#*#3264#*#* ]
- Touch Screen Version එක බලාගැනීමට - [ *#*#2663#*#* ]
- Vibration Test and Backlight Test - [ *#*#0842#*#* ]
- Sensor Test - [ *#*#0588#*#* ]
- Melody Test - [ *#*#0289#*#* ]
- LCD Test - [ *#*#0*#*#* ]
- Packet Loopback - [ *#*#0283#*#* ]
- FTA Software Version එක බලා ගැනීමට - [ *#*#1111#*#* ]
- FTA Hardware Version එක බලා ගැනීමට - [ *#*#2222#*#* ]
- PDA and Phone - [ *#*#1234#*#* ]
- PDA, Phone, CSC, Build Time, Changelist Number - [ *#*#44336#*#* ]
- PDA, Phone, H/W, RFCallDate - [ *#*#4986*2650468#*#* ]
මම හිතනවා ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා..සමහර තැන් වලදි දන්නෙ නැති ඒව ඔබන්න යන්න එපා හොදේ..මොනව හරි උනොත් ඉවරයිනේ.. :D
හොදනම් එකක් දාගෙනම යන්න ඈ
/bye
Thursday, October 16, 2014

අද #CyberTricksZone එකේ චෙනුර මාලය ගෙන්නේ ටිකක් විතර පරණ News එකක් හැබැයි දන්නේ නැති අයට වටිනවා ඈ :D
Tonino Lamborghini සමාගම විසින් ලැම්බොගිනි මෝටර් රථ අනුසාරයෙන් ජංගම දුරකථනයක් නිපදවා තිබෙනවා. Antares නමින් හඳුන්වා ඇති මේ ජංගම දුරකථනය Limited Edition හෙවත් සීමා සහිතව නිෂ්පාදනය කරන ජංගම දුරකථනයකි. ලෙදර් හා ලෝහමය ආවරණයකින් නිමවා ඇති මේ ජංගම දුරකථනය රතු, සුදු, කළු, දුඹුරු සහ නිල් යන වර්ණ වලින් ලබාගත හැක. Android 4.2 Jelly Bean මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන මේ ජංගම දුරකථනයේ මිල ඇමරිකානු ඩොලර් 4000ක් එනම් රුපියල් ලක්ෂ 5කටත් අධිකයි.
මෙය දැනට වෙළඳ පොලේ ඇති ප්‍රබලම ජංගම දුරකථන ගොන්නේ නොතිබුනත් 1.5GHz quad-core ප්‍රො සෙසරයකින් බල ගැන්වෙන මෙය සුඛෝපභෝගී ජංගම දුරකථන අතර හොඳම තේරීමකි.
අනෙකුත් බොහෝමයක් සුඛෝපභෝගී ජංගම දුරකථන මෙන්ම Lamborghini ජංගම දුරකථනයේ ද අඟල් 4ක සීරීම් ආරක්ෂණයක් සහිත ස්පර්ශ සංවේදී තිරයකින් ද, HD වීඩියෝ හැකියාව ඇති 5MP ඉදිරිපස කැමරාවකින් ද යන පහසුකම් වලින් සමන්විතයි. ඒ හැරුණු කොට මේ ජංගම දුරකථනය අනෙකුත් සුඛෝපභෝගී ජංගම දුරකථන වලින් වෙන්වන්නේ මෙහි ඇති උසස්, විශ්ෂ්ඨ පෙනුමකින් යුත් User Interface එකයි.
13MP පසුපස කැමරාවක් සහ Flash එකක් සහිත මේ ජංගම දුරකථනයේ ශබ්ද විකාශණ පද්ධතිය නිෂ්පාදනය කොට ඇත්තේ Yamaha ආයතනයෙනි. 2GB Ram මතකයකින් ද 32GB අභ්‍යන්තර මතකයකින් ද බලගැන්වෙන මෙහි මතකය 64GB දක්වා වැඩි කරගත හැක. අගනා ඇලුමිනියම් ආවරණයකින් වෙළඳපළට පැමිනෙන මේ ජංගම දුරකථනය මේ වන විට චීනය, ඇමරිකාව හා බ්‍රිතාන්‍ය වෙළඳපළට නිකුත් කොට හමාරය.
යාලුවන්ටත් දැනගන්න Share කරලා Like එකක් දාගෙනම යන්න යාලුවනේ ඈ.. :D
Tuesday, October 14, 2014
මුලින්ම කියන්නම් මේක අපේ Root_x ගේ ලිපියක් ඈ ඒ කියුවේ තරිඳු ගේ එත් #CyberTricksZone එකට ගෙන්න චෙනුර ඈ... හරි ඉස්සෙල්ලා කියුවේ White Hat ගැන නේ :D එක බැලුවේ නැත්නම් මෙතැනින්
හැකින් කිවුවහම ප්‍රධාන වශයෙන් දෙවර්ගයක් ඉන්නවා Black Hat Hackers and White Hat Hackers ඉතින් අද මම විස්තර ගෙනාවේ ලෝකේ හොදම Black hat Hackers 6දෙනා ගැන එහෙනම් ඔන්න පහලින් ලියලා දැම්ම බලලා හොදනම් Like එකක් හරි Comment එකක් හරි දාන්න හොදේ.. :D
George Hotz
තරුණයි වගේම ගොඩාක් ලොකු හැකියාවක් තියෙනවා මෙයාට..මෙතන තියෙන වැදගත්ම දේ තමා මෙයා තාම teenager කෙනෙක්...එයා ගොඩාක් දවස්වල රෑට hack කරල හොද ෆන් එකක් ගන්න කැමති කෙනෙක් ඒකේ ප්‍රතිපලයක් විදිහට මෙයා Sony company එක හැක් කරා 2007ඒ ජූනි මාසේ පුදුමෙ කියන්නේ ඒ වෙනකොටත් එයාගෙ වයස අවුරුදු 17යි. :D
Kevin Mitnick
කෙවින් මිට්නික් ලෝකේ පුරාම ගොඩාක් ප්‍රසිද්ධ computer වලින් දත්ත සොරාගන්නා hacker කෙනෙක්...මෙයා ඉන්නේ ඇමෙරිකා වේ.. හැක් කරන්න පටන් ගත්තේ මෙයා විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ..අවුරුදු ගනනාවක් තිස්සේ මෙයා ගොඩාක් companies හැක් කරා..එයා අන්තිමට 1995 දී අත් අඩංගුවට ගත්තා ඊට පස්සේ අවුරුදු 5ක් මෙයා හිරගෙදර හිටියා..
Adrian Lamo
ඇඩ්‍රියන් හදුන්වන්නේ 21ක් වෙනි සියවසේ සිටින හොදම බ්ලැක් හැට් හැකර් විදිහටයි..
එයා ගොඩාක් ප්‍රසිද්ද වෙලා තියෙන්නේ high profile computer networks break කරල තමා..මෙයා ගොඩාක් අයගෙ හැක් කරල 2003 දී අත් අඩංගුවට ගත්තා...
Garry Mckinnon
මෙයා United States military and NASA computers 97 ක් හැක් කරල තියෙනවා..එයා රජයට ලොකු පාඩුවක් කරල තියෙනවා..මෙයා 2002 දී අත් අඩංගුවට ගත්තා. :(
Jonathan James
මෙයාගේ ජීවිත කථාව ගත්තොත් හරිම දුක හිතෙන එකක්.. 1999දී මෙයාට වයස 15යි ඒත් ඒ වයසෙදිම මෙයා මෙයගෙ ඉස්කෝලේ වෙබ් අඩවිය හැක් කරා...මෙයා ගොඩාක් hack කරල තියෙන්නේ NASA Systems ඒ කරපු dameges හදන්න nasa ආයතනයට ඩොලර් 41,000ක වියදමක් දරන්න වුනා..ඒ ආයතනය මෙයා හැක් කරේ software එකක් ගන්න ඒ softwere එකේ මිල ඩොලර් මිලියන 1.7 ක්..මෙයා සල්ලි පස්සේ දුවපු කෙනෙක් කියල මේක කියවන ඕනි කෙනෙකුට තේරුම් යනව ඇතිනේ ඊට පස්සේ මෙයා මාස 6ක් නිවාස අඩස්සියේ හිටියා..මෙයාට ආයෙ ජීවිත කාලෙටම computer එකක් භාවිතා කරන්න අයිතිය නැති කරා..
Kevin Paulsen
මෙයත් තවත් බයානක හැකර් කෙනෙක් තමා මෙයා fbi එක හැක් කරා ඊට පස්සේ phone lines,radio stations වගේ ඒවත් මෙයාගෙ ගොදුරු බවට පත් වුනා අන්තිමට මෙයාව FBI එකෙන් අල්ලගත්තා
Hacking නරක පැත්තට ගත්ත ගොඩක් දෙනෙක් දැන් හිරේ ඈ එක නිසා අපි හැම වෙලේම උත්සහා කරන්න ඕනේ Cyber අවකාශයත් හොද පැත්තට ගන්න ඈ.. :D #චෙනුර කැපුණා Like එකක් දාලා උදුව් කරන්න ඈ :D
/Bye
Monday, October 13, 2014
ඔන්න ඉතින් අදත් #චෙනුර මලයා පට්ට Post එකක් ගෙනාවා :D මේක Hacker වරු ගැන ලියන්නේ ඈ :D පොඩි පැහදිලි කිරීමක් විතරයි කරන්නේ මොකද ලංකවේ Hacking කියල දෙන එක නීති විරෝධී නිසා ඈ මට බැහැ හිරේ යන්න #මරුසිරා වගේ :( හරි Hacker වරු කොටස් දෙකයි එක White And Black කියලා ඈ ;) ඒ කියන්නේ White කියන්නේ හොද Black කියන්නේ නරක :D හරි මම ඒවා ගැන දේශනා දෙන්නේ නැහැ Google කරලා හොයාගන්න ඈ.. :) මම අද කියන්නේ ලෝකේ ඉන්න හොදම White Hat Hackers පස් දෙනා ගැන :D
1. Stephan Wozniak
ගොඩාක් කට්ටිය මෙයාට කතා කරන්නේ #Morevor කියල.Apple Company එකෙන් බාගයක් මෙයාටත් අයිතියි...මෙයා ගොඩාක් අලුත් නිපැයුම් නිපදවවුව කෙනෙක්..මෙයා ලෝකේ ලොකු වෙනසක් කර කෙනෙක් කියල හදුන්වන්න පුලුවන්. :D
2. Tim Berners-Lee

Tim Berners-Lee white hat hackerඇත්තටම මෙයා ගැනනම් දන්නේ නැති කෙනෙක් නෑ..මොකද මෙයා තමා අන්තර්ජාලය www.(world wide web) හොයාගත්ත කෙනා..ඒ වගේම හොද white hat හැකර් කෙනෙක්.
3. Linus Torvels
Linus Torvals white hat hackerමෙයා තමා linux operation system එක හොයාගත්තේ ..ඒක පටන් ගත්ත freax කියලා..කොහොමහරි දැන් අපි ඒක හදුන්වනේ linux කියලනේ..මෙයා කියන්නේ මෙයා කරන දේවල් පිලිබදව මෙයා ගොඩාක් සතුටු වෙනවා...
4Tsutomu Shimomura
Tsutomu Shimomura white hat hackerමෙයා ලොකේ හොදම white hat හැකර් කෙනෙක් විදිහට ගන්න පුලුවන් හොදම උදාහරනයක්...ඔයාල දන්නවනේ ලෝකේ හොදම black hat හැකර් කෙනෙක් වන kevin mitnick ගැන ඉතින් එයාව අල්ලගත්තේ මෙයා තමා...ඒ වගේ දේවල් වලින් මෙයාට පුලුවන් උනා ලෝකේ හොදම හැකර්ස්ලා අතරට පිවිසෙන්න. :D
5. Johanna Rutkowaska
Johanna Rutkowska white hat hackerඅපි ගොඩක් වෙලාවට තාක්ශණය ගැන කතා කරද්දි වැඩි හරියක් ඉන්නේ පිරිමි අය ඒත් මෙයා ගැහැනු කෙනෙක් මෙයා හොදම හැකර් කෙනෙක් තමා මෙයා ගොඩාක් අනිත් හැකර්ස්ලව අභිභවා white hackers ranks වල උඩම රැදී සිටිනවා...
මේවගේ පොඩි තොරතුරු ටිකක් ගෙනාවෙත් හෙන කට්ටක් කළා මගේ මහන්සිය සලකලා Like එකක් දාලා යන්න යාලුවනේ :D
/Bye
Saturday, October 11, 2014
හල්ලෝ කට්ටිය කොහොමද ඈ #Cyber Trick Zone එකේ චෙනුර මලයා අදත් සුපිරි Post එකක් ගෙන්න හිතුවා එන පාර O/L නිසා මේ දාන අන්තිම ලිපිය වෙයිද දන්නෙත් නැහැ :( Ok අද ලිපිය හරි :D මම මේක Net එකේදී දැක්ක Software එකක් ඈ.. ;) මේක කරන්නේ Image එකක් Text වලට ගන්න එක :D මේකෙන් ඔයාලගේ FB Wall එකේ Text වලින් ඔයාගේ Photo එක Post කරන්න පුළුවන් :D මේකේ නම #Ascgen2 මුලින්ම මේ KB ගානක පොඩි Software එක පහළින් Download කරගන්නකො :D
උඩ Button එක Click කරාම අලුත් Tab එකක් Open වෙලා තත්පර 5කින් Auto Download වෙයි Software එක ඈ.. ;) හරි Download වෙන්නේ පොඩි Zip File එකක් එකේ ඇතුලේ ඇති Software එක Open කරගන්න Ms Paint වල වගේ මාර Friendly Interface එකක් තියෙන්නේ Use කරලා බලලා අපිටත් විස්තර කියන්නකෝ ඈ අපි කැපුණා ඈ.. :D කැමති Image එකක් Ctrl+L ගහලා Software එකට Insert කරගන්න පුළුවන් එකෙන් එක කරන හැටි ඕනේ නැහැ එක ලේසි Software එකක් ඈ මොකක් හරි අවුලක් නම් කියන්න :D මේකෙන් Convert කරගත්ත එකක් Ctrl+S ගහලා ඕන විදිහකට Save කරගන්න පුළුවන් Txt හරි JPG එකක් විදිහට හරි :D
මෙහෙම Software දීලත් Like නොකර යන්න තරම් නපුරු වෙන්නේ එපා ඈ ;) චෙනුර ගියා
/Bye
Friday, October 10, 2014
/hihi
කොහමද ඔයාලට හොදින් අද මම ඔයාලට ගෙනාපු පොස්ට් එක තමා Photoshop වෙනුවට use කරන්න පුළුවන් free දෙන software ගැන යි එකේ නම තමා #gimp මේක ගැන කතා කරනවා නම් Photoshop සමාන software එකක් කිවොත් මම හරි :D කරන්න පුලුවන් වැඩ නම් තියනවා හැබැයි Photoshop වගේ කට්ටකන්න නැහැ.user friendly interface නිසා :D මේක Linux වලට එන Paint Software එක ඈ...
පේනවා නේ :D
කතා ඇති ;) නේ එහනම් එක download කරගමු නේ(මේක download වෙන්නේ torrent file එකක් විදයට )එහනම් u torrent එකත් එක්ක මේක Download කරගමු :D
පේනවා නේ :D
කතා ඇති ;) නේ එහනම් එක download කරගමු නේ(මේක download වෙන්නේ torrent file එකක් විදයට )එහනම් u torrent එකත් එක්ක මේක Download කරගමු :D
(මේක download වෙන්නේ torrent file එකක් විදයට )එහනම් u torrent එකත් download කරගමු :D
Subscribe to:
Comments (Atom)

















.png)








.jpg)












