Friday, January 3, 2014


ජංගම දුරකථනය අප බොහෝ දෙනෙක්ට නැතිවම බැරි උපාංගයක් වී හමාරයි. ජීවිත කාලයක් තුළ එකතු කරගත් දුරකථන අංක සමුදායක් ද, සමහර විටෙක වැදගත් sms පණිවුඩ, Memory card පතක් ඇත්නම් එහි ඇති පින්තූර, වීඩියෝ හෝ ගීත යනාදී දත්ත ද අපේ ජීවිතයේ කොටසක් වී හමාරයි. ඔබේ පුද්ගලික දත්ත වලින් පිරුණු ජංගම දුරකථනය යම් හෙයකින් අස්ථාන ගත වුවහොත් හෝ සොරකම් කරනු ලැබුව හොත් කුමක් සිදුවේ දැයි ඔබ සිතුවාද ?
නැවතත් අළුතෙන් ජංගම දුරකථනයක් මිලට ගත හැකි නමුත් ඔබේ නැතිවූ දුරකථනයේ ඇති දුරකථන අංක යනාදී දත්ත නැවත ලබාගත නොහැකියි. මිල කළ නොහැකි එවන් දත්ත සමූහයක් ඔබේ ජංගම දුරකථනයත් සමගම නැති වුවහොත් ඔබ කළ යුත්තේ කුමක් ද ? අස්ථාන ගතවූ ජංගම දුරකථන සොයා ගැනීමට ඔබට සහාය වන්නට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව TRC විශේෂ සේවාවක් දැන් ආරම්භ කර තිබෙනවා. ඔබේ ජංගම දුරකථනයත් අස්ථාන ගත වුවහොත් කලබල නොවී පහත උපදෙස් පිළිපැදීමෙන් ඔබේ දුරකථනය නැවත සොයා ගැනීම සඳහා යම් උත්සාහයක් ගත හැකියි.
සියල්ලටම පළමුව ඔබ විසින් දැන සිටිය යුතු වැදගත්ම කාරණය වන්නේ ඔබේ ජංගම දුරකථනයට අදාල IMEI අංකයයි.

ලෝකයේ නිෂ්පාදනය කෙරෙන සෑම දුරකථන උපාංගයක්ම වෙන වෙනම හඳුනාගැනීම සඳහා IMEI අංකය උපකාරී වේ. ශ‍්‍රී ලංකාව තුළ අළෙවි වන සෑම දුරකථනයකම IMEI අංකයක් තිබීම අනිවාර්යය වන අතර එසේ නොවන ඒවා ව්‍යාජ ජංගම දුරකථන විය හැකියි.
ඔබේ ජංගම දුරකථනයේ IMEI අංකය ලබාගැනීම සඳහා *#06# යන කේතය ඇතුළත් කරන්න. ඒ විගසින් ඔබට එබේ දුරකථනයේ IMEI අංකය දිස්වනු ඇත. මෙම අංකය පහසුවෙන් සොයාගත හැකි තැනක ලියා තබා ගන්න. නැතහොත් පරිගණකයේ හෝ අන්තර්ජාල ගිණුමක save කරගන්න.

ඔබේ ජංගම දුරකථනය හදිසියේම අස්ථාන ගත වූයේ නම් ඔබ එහි ෂඵෑෂ අංකය නොදැන සිටීමට ද ඉඩ ඇත.එවන් අවස්ථාවන් හිදී ඔබේ සිම්පතේ දුරකථන අංකය පරීක්ෂණ කටයුතු සඳහා ලබාදිය හැකියි. අදාල දුරකථන සමාගම වෙතින් TRC  ආයතනය  IMEI අංකය ලබාගනු ඇත.
ඔබේ ජංගම දුරකථනය අස්ථාන ගත වී ඇත්නම්, පළමුව ඔබේ වටපිටාව තුළ හොඳින් විපරම් කර බලන්න. බොහෝ විට ඔබේ ඇස නොගැටෙන මානයකදුරකථනය රැඳී තිබෙන්නට ද පුළුවන.
ඔබේ ජංගම දුරකථනය සොයා ගැනීමට නොහැකි ලෙසට අස්ථාන ගත වී ඇත්නම් හෝ, එය සොරකම් කරන ලද බවට ඔබට ස්ථිරවම විශ්වාස නම් ඔබ පළමුව කළ යුත්තේ ඔබේ ප‍්‍රදේශයට අදාල පොලිස් ස්ථානයේ ඒ පිළිබඳව දන්වා පැමිණිල්ලක් ගොනු කිරීමයි. එහිදී ඔබේ දුරකථනය මිලදී ගත් රිසිට් පත්, ඔබේ නමට පැමිණි දුරකථන බිල්, දුරකථනයේ IMEI අංකය හා සිම් පතේ දුරකථන අංකය යනාදිය පොලිසිය වෙත සැපයීම මගින් වඩාත් හොඳින් පරීක්ෂණ කටයුතු සිදුකිරීමට එය සහායක් වන අතරම එමගින් ජංගම දුරකථනයට ඔබේ ඇති අයිතිය ද තහවුරු කළ හැකියි.
ඔබේ ජංගම දුරකථන අංකය රාජකාරී හෝ ව්‍යාපාරික මට්ටමෙන් භාවිතා කල එකක් නම් එය අන්සතු වූ විටෙකදී ඔබේ පෞද්ගලිකත්වයට හා ප‍්‍රතිරූපයට එයින් යම් හානියක් සිදුවිය හැකි බැවින් එම අංකය තාවකාලිකව විසන්ධි කරන ලෙස ඔබේ ජංගම දුරකථන සේවා සැපයුම් සමාගමෙන් ඉල්ලා සිටිය හැකියි. ඒ සඳහා ඔබේ නම හා හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත.
ඔබ ගොනුකල පොලිස් පැමිණිල්ලේ පිටපතක් ද, ඊට අමතරව ඔබේ ජංගම දුරකථනයේ අයිතිය තහවුරු කෙරෙන සියළුම ලිඛිත සාක්ෂි ද සමගින් ඔබේ පැමිණිල්ල ලිඛිතව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව TRC ආයතනය වෙත ඉදිරිපත් කළ යුතුයි. සතියක් වැනි කාලයක් ඇතුළත ඔබට යම් තොරතුරක් ලැබෙනු ඇති. වැඩි විස්තර සඳහා පහත දැක්වෙන දුරකථන අංක භාවිතා කළ හැකියි.

011-2662215, 011-2662216, 011-2662222 (ටෙලිකොම් දුරකථන මගින් ගාස්තුවකින් තොරව ඇමතීමට හැකියි)
* 011-5376159  (ලංකාබෙල් සඳහා ගාස්තු රහිත)
* 011-4514067 (සන්ටෙල් සඳහා ගාස්තු රහිත)
* ක්ෂණික දුරකථන අංකය – 1900


ඔන්න ඉතින් චෙනුර ගියා තවත් පට්ට වැඩකින් හෙටත් හමුවෙමු Buy හොදේ :D යාළුවන්ටත් බලන්න Share කරන්න හොදේ.දවස්පතා Update වෙන අපේ Blog අඩවියේ අලුත් වැඩ දැනගන්න Like කරන්න අපේ Facebook Fan Page එකට.

කියවන්න මේවත්

  • Temple Run 2 game එක hack කරමු! 100% වැඩ ඈ... ඔන්න මම කාලෙකින් ලිපියක් දාන්න හිතුවා.හැමෝම වගේම Android Device තියන Google Play වලින මුලින්ම ගන්නේ Temple Run 2.ඉතින් මම හිතුව එක Hack කරන්න බැරිද කියල.ඔන්න ඉතින් මට ක්‍රමයක් ආවා.පහල බලන්නකෝ :D මේකට Root ඕන වෙන්නේ නැහැ … Read More
  • ජංගම දුරකථනයක් ගන්න කළින් මේ ගැනත් සිතන්න!මුලින්ම මේ සංවාදය බලන්නකෝ.ඔන්න Phone එකක් ගන්න මිනිහෙක් Phone කඩේකට ගියාලු.Phone එක ගන්නකෙනා -Phone එකක් බලමුද?අලෙවිකරු-සර් හොයන්නේ කීයක විතර එකක්ද?Phone එක ගන්නකෙනා-හරි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොද එකක් බලමු.අලෙවිකරු-මට… Read More
  • Phone එකේ බැටරිය සදාකාලික කරගමු!ඔබේ ජංගම දුරකථනයේ බැටරිය බැස යාමට ආසන්නව ඇති විටක සහ චාජරයක් ලඟ පාතක නොමැති විට ඔබ මුහුණ දෙන්නේ ඉතා භයානක තත්වයකටය. දුරකථනයක් නැතුව බැරිය. දුරකථනය බැස ගිය විට ‘‘යන එන මං නැතිවීම’’ වලක්වා ගැනීමට කළ හැකි දෙයකුත් නැත. මෙවන් අවස්… Read More
  • Android දුරකතනයෙන් සිංහල නැරබීම හා සිංහලෙන් Type කිරීම No Root! අද මම කියන්නේ Android හරහා සිංහල නැරබීමෙ හා සිංහල Type කිරීමේ හැකියාව ලබා ගන්නා ආකාරයයි!මුලින්ම සිංහල බලන හැටි මේකට ඕන වෙනවා Opera Mini Browser එක.එක Google play එකෙන් Free ගන්න පුළුවන්.ඊට පස්සේ කරන්නේ මෙහෙමයි.මුලින්ම… Read More
  • Dialog සිම් එකෙන් Free InterNet යන හැටි! Phone Only! :D ඔන්න අදත් වටිනා Post එකක් ගෙනාවා චෙනුර :) ඔයාලා දන්නවද මේ මෑතක්දී ලංකාවේ Dialog එකට Google එකෙන් දුන්න තෑගක් ගැන? :D Google එකෙන් අපි වගේ දියණු වෙන රටවලට දුන්න Option එකක් තමයි Google Free Zone කියන්නේ අහලත් ඇති.මේ ක්‍ර… Read More

1 comment:

  1. wedaka ne TRC eka.mage yaluwo 3 denak phone nethi ua. den awurudu dekata wedi. trc ekata tama bari una hoya ganna.eth eka yaluwekge eka hoya gatta.ara iphone lanka kiyana unata pin sidda wenna... TRC kiyanna boru karayo... :P

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Google එකෙන් මෝඩයාගේ දවසට අපිට දුන්න තෑග්ග!
    01.04.2015 - 4 Comments
    හමමේ කොහොමද යාලුවනේ ඔන්න O/L වලට තව ළං වුනත් චෙනුර මලයා ගොඩක් Fun පොස්ට් එකක් අරන්න ඔන්න ආවා :D ගූගල්…
  • Photoshop බ්ලැක් බෙල්ට් ශුරයෙක් වෙන්න මෙන්න බඩු!
    08.02.2016 - 3 Comments
    හම්බෝ ගොඩ කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් දන්නා චෙනුර මලයා Enter වුනේ O/L පස්සේ දාන පලවෙනි පොස්ටුව…
  • බ්ලොග් එකේ ඔයා දැම්ම පොස්ට් සදා සුරක්ෂිතයි!
    06.07.2013 - 9 Comments
    මම ඉසෙල්ලා දැම්මා නේද බ්ලොග් එකේදී mouse එකේ right click කරලා copy paste කරන එක නවත්වන හැටි.එතකොට…
  • Fb එකේ සේරටම එකවර Message යවමු
    11.11.2014 - 0 Comments
    ඔන්න යාලුවනේ තවත් සුපිරි භාන්ඩයක් අරන් ආවා.මේකෙ වටිනාකම තේරෙන්නෙ ඉතින් ගොඩක් වෙලාවට බ්ලොග් වෙබ් වලට…
  • Boys Over Flowers Full එක Direct 250mb වල කොටස් වලට Sub එකක්!
    01.09.2014 - 0 Comments
    /hihi මම චෙනුර කාලෙකින් පොස්ට් එකක් දාන්න හිතුවා.ගොඩක් අය ඉල්ලපු දෙයක් මේක ඉතින් සිංහල Sub එකක් මම…
  • Android L Os එකේ Windows Slow වෙන්නේ නැති වැඩ කෑල්ල!
    18.09.2014 - 1 Comments
    /hihi ඔන්න අදත් සුපරි ලිපියක් චෙනුර ගෙනාවා :D මුලින්ම කියන්න ඕනේ මේ ලගදී එන්න තියන Windows 9 ගැන අපි තමයි…
  • නොමිලේ අහසේ ඉදන් ලංකවේ සුන්දරත්වය බලමු!
    29.09.2014 - 0 Comments
    හල්ලෝ කට්ටිය මම චෙනුර ඔන්න අදත් පට්ට වැඩක් ගෙනාවා.අපේ ලංකාව ගොඩක් ලස්සනයි නේ :D අපෙ රටේ ලස්සනම තැන්…
  • පරිගණකයකින්, Phone එකකින් තවත් පරිගණකයක් පාලනය කරමු
    28.11.2014 - 0 Comments
    ගොඩ දෙනෙක් දන්න දෙයක් වුවත් මේ ගැන නොදන්න අය ගැනත් හිතලා ලිපිය ලිව්වා. මුලින්ම මේ වැඩේ කරගන්න අවශ්‍ය…