Friday, January 3, 2014


ජංගම දුරකථනය අප බොහෝ දෙනෙක්ට නැතිවම බැරි උපාංගයක් වී හමාරයි. ජීවිත කාලයක් තුළ එකතු කරගත් දුරකථන අංක සමුදායක් ද, සමහර විටෙක වැදගත් sms පණිවුඩ, Memory card පතක් ඇත්නම් එහි ඇති පින්තූර, වීඩියෝ හෝ ගීත යනාදී දත්ත ද අපේ ජීවිතයේ කොටසක් වී හමාරයි. ඔබේ පුද්ගලික දත්ත වලින් පිරුණු ජංගම දුරකථනය යම් හෙයකින් අස්ථාන ගත වුවහොත් හෝ සොරකම් කරනු ලැබුව හොත් කුමක් සිදුවේ දැයි ඔබ සිතුවාද ?
නැවතත් අළුතෙන් ජංගම දුරකථනයක් මිලට ගත හැකි නමුත් ඔබේ නැතිවූ දුරකථනයේ ඇති දුරකථන අංක යනාදී දත්ත නැවත ලබාගත නොහැකියි. මිල කළ නොහැකි එවන් දත්ත සමූහයක් ඔබේ ජංගම දුරකථනයත් සමගම නැති වුවහොත් ඔබ කළ යුත්තේ කුමක් ද ? අස්ථාන ගතවූ ජංගම දුරකථන සොයා ගැනීමට ඔබට සහාය වන්නට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව TRC විශේෂ සේවාවක් දැන් ආරම්භ කර තිබෙනවා. ඔබේ ජංගම දුරකථනයත් අස්ථාන ගත වුවහොත් කලබල නොවී පහත උපදෙස් පිළිපැදීමෙන් ඔබේ දුරකථනය නැවත සොයා ගැනීම සඳහා යම් උත්සාහයක් ගත හැකියි.
සියල්ලටම පළමුව ඔබ විසින් දැන සිටිය යුතු වැදගත්ම කාරණය වන්නේ ඔබේ ජංගම දුරකථනයට අදාල IMEI අංකයයි.

ලෝකයේ නිෂ්පාදනය කෙරෙන සෑම දුරකථන උපාංගයක්ම වෙන වෙනම හඳුනාගැනීම සඳහා IMEI අංකය උපකාරී වේ. ශ‍්‍රී ලංකාව තුළ අළෙවි වන සෑම දුරකථනයකම IMEI අංකයක් තිබීම අනිවාර්යය වන අතර එසේ නොවන ඒවා ව්‍යාජ ජංගම දුරකථන විය හැකියි.
ඔබේ ජංගම දුරකථනයේ IMEI අංකය ලබාගැනීම සඳහා *#06# යන කේතය ඇතුළත් කරන්න. ඒ විගසින් ඔබට එබේ දුරකථනයේ IMEI අංකය දිස්වනු ඇත. මෙම අංකය පහසුවෙන් සොයාගත හැකි තැනක ලියා තබා ගන්න. නැතහොත් පරිගණකයේ හෝ අන්තර්ජාල ගිණුමක save කරගන්න.

ඔබේ ජංගම දුරකථනය හදිසියේම අස්ථාන ගත වූයේ නම් ඔබ එහි ෂඵෑෂ අංකය නොදැන සිටීමට ද ඉඩ ඇත.එවන් අවස්ථාවන් හිදී ඔබේ සිම්පතේ දුරකථන අංකය පරීක්ෂණ කටයුතු සඳහා ලබාදිය හැකියි. අදාල දුරකථන සමාගම වෙතින් TRC  ආයතනය  IMEI අංකය ලබාගනු ඇත.
ඔබේ ජංගම දුරකථනය අස්ථාන ගත වී ඇත්නම්, පළමුව ඔබේ වටපිටාව තුළ හොඳින් විපරම් කර බලන්න. බොහෝ විට ඔබේ ඇස නොගැටෙන මානයකදුරකථනය රැඳී තිබෙන්නට ද පුළුවන.
ඔබේ ජංගම දුරකථනය සොයා ගැනීමට නොහැකි ලෙසට අස්ථාන ගත වී ඇත්නම් හෝ, එය සොරකම් කරන ලද බවට ඔබට ස්ථිරවම විශ්වාස නම් ඔබ පළමුව කළ යුත්තේ ඔබේ ප‍්‍රදේශයට අදාල පොලිස් ස්ථානයේ ඒ පිළිබඳව දන්වා පැමිණිල්ලක් ගොනු කිරීමයි. එහිදී ඔබේ දුරකථනය මිලදී ගත් රිසිට් පත්, ඔබේ නමට පැමිණි දුරකථන බිල්, දුරකථනයේ IMEI අංකය හා සිම් පතේ දුරකථන අංකය යනාදිය පොලිසිය වෙත සැපයීම මගින් වඩාත් හොඳින් පරීක්ෂණ කටයුතු සිදුකිරීමට එය සහායක් වන අතරම එමගින් ජංගම දුරකථනයට ඔබේ ඇති අයිතිය ද තහවුරු කළ හැකියි.
ඔබේ ජංගම දුරකථන අංකය රාජකාරී හෝ ව්‍යාපාරික මට්ටමෙන් භාවිතා කල එකක් නම් එය අන්සතු වූ විටෙකදී ඔබේ පෞද්ගලිකත්වයට හා ප‍්‍රතිරූපයට එයින් යම් හානියක් සිදුවිය හැකි බැවින් එම අංකය තාවකාලිකව විසන්ධි කරන ලෙස ඔබේ ජංගම දුරකථන සේවා සැපයුම් සමාගමෙන් ඉල්ලා සිටිය හැකියි. ඒ සඳහා ඔබේ නම හා හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත.
ඔබ ගොනුකල පොලිස් පැමිණිල්ලේ පිටපතක් ද, ඊට අමතරව ඔබේ ජංගම දුරකථනයේ අයිතිය තහවුරු කෙරෙන සියළුම ලිඛිත සාක්ෂි ද සමගින් ඔබේ පැමිණිල්ල ලිඛිතව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව TRC ආයතනය වෙත ඉදිරිපත් කළ යුතුයි. සතියක් වැනි කාලයක් ඇතුළත ඔබට යම් තොරතුරක් ලැබෙනු ඇති. වැඩි විස්තර සඳහා පහත දැක්වෙන දුරකථන අංක භාවිතා කළ හැකියි.

011-2662215, 011-2662216, 011-2662222 (ටෙලිකොම් දුරකථන මගින් ගාස්තුවකින් තොරව ඇමතීමට හැකියි)
* 011-5376159  (ලංකාබෙල් සඳහා ගාස්තු රහිත)
* 011-4514067 (සන්ටෙල් සඳහා ගාස්තු රහිත)
* ක්ෂණික දුරකථන අංකය – 1900


ඔන්න ඉතින් චෙනුර ගියා තවත් පට්ට වැඩකින් හෙටත් හමුවෙමු Buy හොදේ :D යාළුවන්ටත් බලන්න Share කරන්න හොදේ.දවස්පතා Update වෙන අපේ Blog අඩවියේ අලුත් වැඩ දැනගන්න Like කරන්න අපේ Facebook Fan Page එකට.

කියවන්න මේවත්

  • Dialog සිම් එකෙන් Free InterNet යන හැටි! Phone Only! :D ඔන්න අදත් වටිනා Post එකක් ගෙනාවා චෙනුර :) ඔයාලා දන්නවද මේ මෑතක්දී ලංකාවේ Dialog එකට Google එකෙන් දුන්න තෑගක් ගැන? :D Google එකෙන් අපි වගේ දියණු වෙන රටවලට දුන්න Option එකක් තමයි Google Free Zone කියන්නේ අහලත් ඇති.මේ ක්‍ර… Read More
  • Lamborghini Smart Phone වලත් අත ගසයි! අද #CyberTricksZone එකේ චෙනුර මාලය ගෙන්නේ ටිකක් විතර පරණ News එකක් හැබැයි දන්නේ නැති අයට වටිනවා ඈ :DTonino Lamborghini සමාගම විසින් ලැම්බොගිනි මෝටර් රථ අනුසාරයෙන් ජංගම දුරකථනයක් නිපදවා තිබෙනවා. Antares නමින් හඳුන්වා ඇති මේ … Read More
  • ජංගම දුරකථනයක් ගන්න කළින් මේ ගැනත් සිතන්න!මුලින්ම මේ සංවාදය බලන්නකෝ.ඔන්න Phone එකක් ගන්න මිනිහෙක් Phone කඩේකට ගියාලු.Phone එක ගන්නකෙනා -Phone එකක් බලමුද?අලෙවිකරු-සර් හොයන්නේ කීයක විතර එකක්ද?Phone එක ගන්නකෙනා-හරි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොද එකක් බලමු.අලෙවිකරු-මට… Read More
  • Android දුරකතනයෙන් සිංහල නැරබීම හා සිංහලෙන් Type කිරීම No Root! අද මම කියන්නේ Android හරහා සිංහල නැරබීමෙ හා සිංහල Type කිරීමේ හැකියාව ලබා ගන්නා ආකාරයයි!මුලින්ම සිංහල බලන හැටි මේකට ඕන වෙනවා Opera Mini Browser එක.එක Google play එකෙන් Free ගන්න පුළුවන්.ඊට පස්සේ කරන්නේ මෙහෙමයි.මුලින්ම… Read More
  • Temple Run 2 game එක hack කරමු! 100% වැඩ ඈ... ඔන්න මම කාලෙකින් ලිපියක් දාන්න හිතුවා.හැමෝම වගේම Android Device තියන Google Play වලින මුලින්ම ගන්නේ Temple Run 2.ඉතින් මම හිතුව එක Hack කරන්න බැරිද කියල.ඔන්න ඉතින් මට ක්‍රමයක් ආවා.පහල බලන්නකෝ :D මේකට Root ඕන වෙන්නේ නැහැ … Read More

1 comment:

  1. wedaka ne TRC eka.mage yaluwo 3 denak phone nethi ua. den awurudu dekata wedi. trc ekata tama bari una hoya ganna.eth eka yaluwekge eka hoya gatta.ara iphone lanka kiyana unata pin sidda wenna... TRC kiyanna boru karayo... :P

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • මුළු Windows පද්ධතියම සිංහලට හරවමු!
    30.07.2014 - 11 Comments
    hallow යාලුවෙන් ඔන්න මම අද පට්ට ලස්සන වැඩක් ගෙනාවා.මම අද කියන්නේ එක චුටි Software එකකකින් මුළු…
  • ලස්සන වාගේම පට්ට Game එකක් Dishonored.ගහලාම බලන්න එන්නෝ! Dishonored PC Game Free Download For Torrent!
    18.12.2013 - 0 Comments
    අද මම ඔයාලට කියන්නේ ලස්සන Game එකක් ගැන.ඇත්තටම මම මේ Game එක ගහලා ඉවර කලා!මම කියන්නේ සුපර් Game එක ඇ..මම…
  • සිංහලෙන් ඕමී පාරක් ගහමුද! For PC
    08.11.2014 - 0 Comments
    /HiHI හල්ලෝ යාලුව නේ ඔන්න අදත් චෙනුර මලයා සුපිරි ගෙම් එකක් ඔයාලට ගෙනාවා :) අද මම කියන්නේ ඔයාගේ…
  • Android Phone එකේ Ram එක මදීද?Game ගහනකොට හිර වෙනවද?මෙන්න විසදුම Root කරලා Android රජු වෙමු-4
    05.10.2014 - 3 Comments
    හල්ලෝ කොහොමද කට්ටිය ඔන්න චෙනුර අදත් ආවා :D Game ගහන්න Android කියන්නෙත් පට්ට Platform එකක් නේ :D එත්…
  • Android දුරකතනයෙන් සිංහල නැරබීම හා සිංහලෙන් Type කිරීම No Root!
    30.07.2014 - 1 Comments
    අද මම කියන්නේ Android හරහා සිංහල නැරබීමෙ හා සිංහල Type කිරීමේ හැකියාව ලබා ගන්නා ආකාරයයි!මුලින්ම සිංහල බලන…
  • එක එක රට වලින් අන්තර්ජාලයට පිවිසීම!
    17.09.2014 - 0 Comments
    /hihi කොහොමද කට්ටිය ඈ :D හොදින් නේ :D ඔන්න අදත් පට්ට ලිපියක් Cyber Tricks Zone එකේ චෙනුර ගෙනාවා :D අහා…
  • 2014 වේගවත්ම Car 10 එකට Race එකක් ගියොත්!
    25.10.2014 - 0 Comments
    මේක 2014 වේගවත්ම Car 10 එකට Race එකක් ගියොත් :) Video එක බලන්නකෝ :)  වටිනවා කියලා හිතෙනවනම්…
  • දුර සිටන පරිගණකයකට තම පරිගණකයෙන් ඇතුළු වීම! Phone එකටත්!
    03.09.2014 - 1 Comments
    /hihi ඔන්න අදත් චෙනුර ආවා :D පට්ට ලිපියක්.අරන් ඔයාල දන්නවද ලෝකේ ඕන තැනක තියන Computer එකකට අවසර සහිතව…