Monday, November 25, 2013

ඔබේ ජංගම දුරකථනයේ බැටරිය බැස යාමට ආසන්නව ඇති විටක සහ චාජරයක් ලඟ පාතක නොමැති විට ඔබ මුහුණ දෙන්නේ ඉතා භයානක තත්වයකටය. දුරකථනයක් නැතුව බැරිය. දුරකථනය බැස ගිය විට ‘‘යන එන මං නැතිවීම’’ වලක්වා ගැනීමට කළ හැකි දෙයකුත් නැත. මෙවන් අවස්ථාවලදී ඔබේ ‘මිය යාමට’ ආසන්න බැටරිය තව පැයක්වත් රැක බලා ගැනීමට හැකි නම් කොතරම් අගනේ ද ? ඒ සඳහා අනුගමනය කළ හැකි සරළ ක‍්‍රමවේද කීපයක් පහත දැක්වේ.

1. දුරකථනය Silent කර Vibration ඕෆ් කරමු

දුරකථනයේ Ring tone හා Vibration සඳහා සැලකිය යුතු විදුලියක් වැය වේ මේවා ඉවත් කිරීම බැටරිය කල් පවත්වා ගත හැකි ක‍්‍රමයකි.

2. දුරකථනයේ ,Network Searching, Manual තත්වයට පත් කිරීම හෝ Offline හෝ Aeroplane mode තත්වයට පත් කිරීම.

දුරකථනය අදාල සේවා සපයන්න සංඥා අඩුවූ විගස වඩාත් හොඳ GSM සබඳතාවක් Search කරනු ලබයි. මෙය Network Settings තුළින් Manual යෙදූ විට ඔබට අවශ්‍ය විටක සෙවුමක් කර ඔබට සේවා සපයන ජාලය තෝරාගත හැකිය. ඔබ ඇමතුම් බලාපොරොත්තු නොවේ නම් Offline හෝ Aeroplane mode ක‍්‍රියාත්මක කර Network ඇන්ටනාව Off කර දැමීමද බැටරිය රැකගැනීමට හොඳ ප‍්‍රතිකර්මයකි.

3.Network සබඳතාව Dual Mode සිට GSM වෙත මාරු කිරීම.

බොහෝ 3G දුරකථන වල Network Type එක Dual mode ලෙස දක්වා ඇත. එනම් ඔබේ දුරකථනය 3G සබඳතාව ඇති විට 3G පහසුකම් හා 3G නොමැති විට GSM පහසුකම් පෙන්වන බවයි. GSM ජාලයකදී භාවිතා වන විදුලිය 3G
ජාලයකට වඩා 50‍%ක් අඩුය. එබැවින් දුරකථනය Network Mode එක GSM වෙතට මාරු කර තැබීම නුවණට හුරුය.


4. දුරකථනයේ තිරය වඩාත් දීප්තිමක් කරන Back light අක්‍රීය කිරීම.

දුරකථනයේ Back light Off කිරීමෙන් ඔබට තිරය කියවීම මඳක් අපහසු වීමට පුළුවන. එහෙත් එය බැටරි කාලය දිගු කරයි.

5.Wi Fi, Blutooth, GPS හා GPRS Off කිරීම.

ඉහත පහසුකම් මගින් දුරකථනයේ බැටරිය බහුලව භාවිතා කරන බැවින් ඒවා අක්‍රීය කිරීම මගින් බැටරිය ඉක්මනින් බැස යාම අවම කරගත හැකිවේ.

6. අනවශ්‍ය Wall paper හා Screen Server ඉවත් කිරීම.

ඔබේ දුරකතන බැටරිය වහ වහා ගිල දමන සක්‍රීය වෝල් පේපර් හා ස්ක්‍රීන් සර්වරයන් ඉවත් කරන්න. නවීන ස්මාට් දුරකථනවල මෙන්ම සාමාන්‍ය දුරකථනවල ද, කලූ පැහැති වෝල් පේපර් එකක් යෙදීමෙන් තවත් බැටරිය රැකගත හැකිය.

7. අනවශ්‍ය විශේෂාංග භාවිතා නොකිරීම.

දුරකථනයේ කැමරාව, ටෝච් එක ගීත ඇසීම යනාදිය භාවිතා කිරීමෙන් වැලකිය යුතුය. තවද, ස්වයංක‍්‍රීය අන්තර්ජාල සබඳතා ලබා ගන්නා ස්කයිප්, නිම්බස්, කාළගුන විජට්ටු වැනි දැ තාවකාලිකව අක්‍රීය කිරීම වඩා හිතකරය.

8. ඇමතුම් කෙටි කිරීම.

ලැබෙන හා ගන්නා ඇමතුම් ඉතා කෙටියෙන් අවසන් කිරීම නුවණට හුරුය. දුරකථනයෙන් Ring Cut හා Missed Call දීම සුදුසු නොවේ.

9. හැකිනම් දුරකථනය නිවා දැමිම.

ඔබට හදිසි ඇමතුම් ගැනීමට හෝ ලැබීමට නොමැති නම්, ඉදිරි වේලාවක් සඳහා බැටරිය රැුකගැනීමට හැකි හොඳම පිළියම දුරකථනය
නිවා දැමීමයි. නමුත් නිතර නිතර දුරකථනය On හා Off කිරීමද බැටරිය ඉක්මනින් බැස යාමට හේතු විය හැකිය.


ඔන්න ඉතින් චෙනුර ගියා තවත් පට්ට වැඩකින් හෙටත් හමුවෙමු Buy හොදේ :Dයාළුවන්ටත් බලන්න Share කරන්න හොදේ.දවස්පතා Update වෙන අපේ Blog අඩවියේ අලුත් වැඩ දැනගන්න Like කරන්න අපේ Facebook Fan Page එකට.

2 comments:

  1. machan uba deela thiyena info hodai. eth title eken kattiya nomaga yawanawa

    ReplyDelete
  2. ස්යිබර් ට්‍රික්ස් බ්ලොගිය තව දුරටත් නෑගලම යන්න කියල පතනවා......එහෙනම් සුභ අලුත් අවුරුද්දක් වේවා..........!!!

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Windows 7වල විනිවිද පෙනෙන Window Border එක Windows 8 වලටත් දාමු
    24.11.2014 - 0 Comments
    එහෙනම් යාලුවනේ Windows 8 භාවිතා කරන අයට පොඩි වැඩ කෑල්ලක් අරන් එන්න හිතුවා.Windows 8 වලට තියෙන පාට පාට…
  • ඔයාගේ Phone එක නැති වුනොත් මොකක්ද කරන්නේ?
    03.01.2014 - 1 Comments
    ජංගම දුරකථනය අප බොහෝ දෙනෙක්ට නැතිවම බැරි උපාංගයක් වී හමාරයි. ජීවිත කාලයක් තුළ එකතු කරගත් දුරකථන අංක සමුදායක්…
  • Temple Run 2 game එක hack කරමු! 100% වැඩ ඈ...
    30.07.2014 - 6 Comments
    ඔන්න මම කාලෙකින් ලිපියක් දාන්න හිතුවා.හැමෝම වගේම Android Device තියන Google Play වලින මුලින්ම ගන්නේ…
  • VLC මැජික් එක දැනගත්තා කියලා වැඩි වෙයිද?
    14.08.2013 - 5 Comments
    හැමදාම පට්ට මැක්ස වැඩ ඔයාලට කියලා දෙන Cyber Tricks Zone එකේ තවත් පට්ට වැඩක් ගැනයි…
  • ඕන ෆොටෝ එකක් අතින් ඇදපු චිත්‍රයක් බවට හරවමු!
    30.07.2014 - 10 Comments
    කොහොමද?මට නම් මේ ටිකේ සනීප නැතුව ඉදලා හොද වුණා.එත් මම දවස ගානේ Blog එකට Post දානවනේ,ඔන්න අදට දාන Post…
  • Microsoft Office 2013 Original එක keys එක්ක මගෙන් ඔයාලට!
    19.08.2013 - 2 Comments
    Microsoft Office 2013 කියන්නේ දැනට නිකුත් වුන නවතම හා වැඩකෑලි ගොඩක් තියන දියුණූම Office Version එක තමයි…
  • නොමිලේ අහසේ ඉදන් ලංකවේ සුන්දරත්වය බලමු!
    29.09.2014 - 0 Comments
    හල්ලෝ කට්ටිය මම චෙනුර ඔන්න අදත් පට්ට වැඩක් ගෙනාවා.අපේ ලංකාව ගොඩක් ලස්සනයි නේ :D අපෙ රටේ ලස්සනම තැන්…
  • Call of Duty Black Ops 2 free ඩවුන්ලෝඩ් for ටොරන්ට්
    02.07.2013 - 3 Comments
    දැනට ලෝයේ තියන පට්ටම PC game එකක් තමා call of duty black ops 2. එම game එක මම ඔයාලට ටොරන්ට්…